YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 2:7-12

විනිසුරුවෝ 2:7-12 SCV

යෝෂුවාගේ ජීවිත කාලය පුරාත්, ඉශ්‍රායෙල් ජනයා උදෙසා ස්වාමින්වහන්සේ කළ උදාර ක්‍රියා සියල්ල දැක තිබූ ඔහුට වඩා වැඩි කලක් ජීවත් වූ වැඩිහිටියන්ගේ කාලය පුරාත් ජනයා ස්වාමින්වහන්සේට සේවය කළහ. නූන්ගේ පුත්‍රයා වූ ද ස්වාමින්වහන්සේගේ සේවකයා වූ ද යෝෂුවා එකසිය දහ වන වියේදී මිය ගියේ ය. ඔහුගේ උරුම පෙදෙස වන තිම්නාත්-හෙරෙස්හි දී ඔවුහු, ඔහු භූමදාන කළහ. එය පිහිටියේ ගාෂ් කන්දට උතුරින් එප්‍රායිම් කඳු රටේ ය. ඒ මුළු පරම්පරාව ම මියැදී, ඔවුන්ගේ පියවරුන් අතරට එක් වූ පසු, වෙනත් පරම්පරාවක් ඔවුන්ට පසුව නැගී ආහ. ඔවුහු ස්වාමින්වහන්සේ ගැනවත්, ඉශ්‍රායෙල් උදෙසා උන්වහන්සේ කළ දෑ ගැනවත් නො දත්තෝ ය. ඉන්පසු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කරන්නට වූ ඉශ්‍රායෙල්වරු, බාල් දේවතාවුන්ට නමස්කාර කරන්නට වන්හ. තම පියවරුන් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආ තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අත් හළ ඔවුහු, තමන් අවට ජනයාගේ දෙවි-දේවතාවුන් පසු පස යන්නටත්, ඔවුනට වැඳ වැටෙන්නටත් වන්හ. එසේ ඔවුහු ස්වාමින්වහන්සේගේ කෝපය ඇවිස්සූහ.

Free Reading Plans and Devotionals related to විනිසුරුවෝ 2:7-12