YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 15:18-20

විනිසුරුවෝ 15:18-20 SCV

ඔහුට තද පිපාසයක් දැනිණ. එබැවින් ඔහු ස්වාමින්වහන්සේට හඬ ගසමින්, “ඔබගේ මේ සේවකයා මගින් ඔබවහන්සේ මේ විශිෂ්ට ජයග්‍රහණය දුන් සේක. එහෙත්, දැන් මා පිපාසයෙන් මියැදී, මේ චර්ම-අඡේදිතයන්ගේ අතට හසු විය යුතු දැ?” යි කෑගැසී ය. එවිට දෙවියන්වහන්සේ ලෙහීහි තිබූ කුහර සහිත තැනක් විවර කළ සේක. එතැනින් වතුර ගලා ආවේ ය. සම්සොන් එයින් බීවේ ය. එවිට යළි ශක්තිය ලැබූ ඔහු නව පණක් ලැබී ය. එබැවින් එම උල්පත, ඒන්-හක්-කෝරේ නමින් හඳුන්වනු ලැබී ය. එය මේ දක්වා ලෙහීහි තිබේ. පිලිස්තිවරුන්ගේ සමයේ සම්සොන් අවුරුදු විස්සක් ඉශ්‍රායෙල් විනිශ්චය කළේ ය.

Free Reading Plans and Devotionals related to විනිසුරුවෝ 15:18-20