විනිසුරුවෝ 13:9-11
විනිසුරුවෝ 13:9-11 SCV
දෙවියන්වහන්සේ මානෝවාට සවන් දුන් සේක. ඒ කාන්තාව කෙතෙහි හිඳ සිටියදී, දෙවියන්වහන්සේගේ දූතයා යළිත් ඇය වෙත ආවේ ය. එහෙත්, ඇගේ සැමියා, මානෝවා, ඇය සමඟ සිටියේ නැත. එබැවින් වහ වහා තම සැමියා වෙත දිවූ ඈ, ඔහුට කරුණු සැල කරමින්, “අන්න! අර කලින් දවසේ මට පෙනුණු මිනිසා ඇවිදින්!” යි කීවා ය. මානෝවා නැගිට, තම බිරිඳ අනුව ගොස්, ඒ මිනිසා වෙත පැමිණ, ඔහු අමතමින්, “මේ කාන්තාවට කතා කළ මිනිසා ඔබ දැ?” යි ඇසී ය. “ඔව්, ඒ මම යැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
![[From Heaven to the Hay in the Heart] Part 1 විනිසුරුවෝ 13:9-11 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F29090%2F1440x810.jpg&w=3840&q=75)




