YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 13:21-23

විනිසුරුවෝ 13:21-23 SCV

ස්වාමින්වහන්සේගේ දූතයා මානෝවාටත්, ඔහුගේ බිරිඳටත් තවත් පෙනෙන්නට ආවේ නැත. ඒ ස්වාමින්වහන්සේගේ දූතයා වග මානෝවා වටහා ගත්තේ ය. එවිට මානෝවා, “සැබවින් ම අප මැරේවි. මන්ද අප දෙවියන්වහන්සේ දුටු නිසා!” යි සිය බිරිඳට කීවේ ය. එහෙත් ඔහුගේ බිරිඳ ඔහුට පිළිතුරු දෙමින්, “අප මරණයට පැමිණවීමේ අදහසක් ස්වාමින්වහන්සේට තිබිණි නම්, උන්වහන්සේ දවන යාග පූජාව හා ධාන්‍ය පූජාව අප අතින් පිළිගන්නේ නැත. මේ හැම දෙයක් අපට පෙන්වන්නේ ද නැත. මෙවර කී දෑ පවසන්නේ ද නැතැ” යි කීවා ය.

Free Reading Plans and Devotionals related to විනිසුරුවෝ 13:21-23