විනිසුරුවෝ 13:1-5
විනිසුරුවෝ 13:1-5 SCV
ඉශ්‍රායෙල්වරු යළිත් ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කළහ. එබැවින් ස්වාමින්වහන්සේ අවුරුදු හතළිහකට පිලිස්තිවරුන් අතට ඔවුන් දුන් සේක. සෝරාහි මානෝවා නම් මිනිසෙක් සිටියේ ය. ඔහු දාන් පෙළපතේ කෙනෙකි. ඔහුගේ බිරිඳ වඳ බැවින්, දරුවන් නො ලද්දී ය. ස්වාමින්වහන්සේගේ දූතයා ඒ ස්ත්‍රියට පෙනී, ඇය අමතමින්, “ඔන්න, ඔබ වඳ බැවින් මෙතෙක් දරුවන් ලද්දේ නැත. එහෙත්, ඔබ ගැබ් දරා, පුතකු බිහි කරනු ඇත. එබැවින් දැන්, මිදි යුෂ හෝ සැර බීමක් පානය නො කිරීමටත්, යම් අපවිත්‍ර දෙයක් අහරට නො ගැනීමටත්, වග බලා ගන්න. මන්ද ඔබ පිළිසිඳගෙන, පුතකු ගැබ් දරනු ඇත. ඔහුගේ හිසට දැළි පිහියක් ළං නො කළ යුතු ය. මන්ද, පිරිමි ළමයා මව් කුස පටන් ම දෙවියන්වහන්සේට කැප නසිරීයයකු වන්නේ ය. ඔහු, පිලිස්තිවරුන් අතින් ඉශ්‍රායෙල් මුදා ගැනීම අරඹන්නේ යැ” යි කීවේ ය.





