YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 10:6-11

විනිසුරුවෝ 10:6-11 SCV

ඉශ්‍රායෙල්වරු යළිත් ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කළහ. ඔවුහු බාල් දේවතාවුන් ද අෂ්තොරෙත් දේවතාවියන් ද අරාම්හි දෙවිවරුන් ද සීදොන්හි දෙවිවරුන් ද මෝවබ්හි දෙවිවරුන් ද අම්මොන්වරුන්ගේ දෙවිවරුන් හා පිලිස්තිවරුන්ගේ දෙවිවරුන් ද නමදින්නට වන්හ. මෙසේ ස්වාමින්වහන්සේ අත් හළ ඔවුහු, උන්වහන්සේට නමස්කාර නො කළහ. එබැවින් ස්වාමින්වහන්සේගේ කෝපය, ඉශ්‍රායෙල්වරුන්ට එරෙහිව ඇවුළුණේ ය. උන්වහන්සේ පිලිස්තිවරුන් අතටත්, අම්මොන්වරුන් අතටත් ඔවුන් පාවා දුන් සේක. ඔවුහු ඒ අවුරුද්දේ ඉශ්‍රායෙල්වරුන් වනසාලමින්, ඔවුන් පොඩිකර දැමූහ. යොර්දානයට නැගෙනහිරින්, අමෝරිවරුන්ගේ දේශය වූ ගිලියාද්හි දී ඔවුහු දහඅට අවුරුද්දක් ඉශ්‍රායෙල්වරුනට පීඩා කළහ. තවද, යූදාට එරෙහිව ද බෙන්යමින්ට එරෙහිව ද එප්‍රායිම් වංශයට එරෙහිව ද සටන් කරන පිණිස, අම්මොන්වරු ද යොර්දානෙන් එතෙර වූහ. මෙසේ ඉශ්‍රායෙල් මහත් අසීරු තත්වයකට පත් විය. එවිට ඉශ්‍රායෙල්වරු ස්වාමින්වහන්සේට මොර ගසමින්, “අපේ දෙවියන්වහන්සේ අත්හැර, බාල් දේවතාවුන්ට සේවය කිරීමෙන් ඔබවහන්සේට එරෙහිව අපි පව් කළෙමු” යි කීහ. ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට පිළිතුරු දෙමින්, “ඊජිප්තුවරුන් ද අමෝරිවරුන් ද අම්මොන්වරුන් ද පිලිස්තිවරුන් ද

Video for විනිසුරුවෝ 10:6-11

Free Reading Plans and Devotionals related to විනිසුරුවෝ 10:6-11