විනිසුරුවෝ 1:3-5
විනිසුරුවෝ 1:3-5 SCV
එවිට යූදා ජනයා තම සහෝදර සිමියොන් ජනයාට කතා කොට, “කානානිවරුන්ට එරෙහිව අප හා සමඟ සටන් කරන පිණිස, අපට වෙන් කර ඇති පළාතට අප සමඟ එන්න. පසුව අපත් ඔබ සමඟ ඔබට වෙන් වූ පළාතට යන්නෙමු” යි කීහ. එබැවින් සිමියොන් ජනයා ඔවුන් සමඟ ගියහ. එසේ යූදා ජනයා ගියහ. ස්වාමින්වහන්සේ කානානිවරුන් හා පෙරිස්සිවරුන් ඔවුන්ට යටත් කර දුන් සේක. ඔවුහු බෙසෙක්හි දී ඔවුන් දස දහසක් පරාජය කළහ. බෙසෙක්හි දී අදොනී-බෙසෙක් ඔවුන්ට හමු විය. එහිදී ඔහුට එරෙහිව සටන් වැදුණු ඔවුහු කානානිවරුන් හා පෙරිස්සිවරුන් පරාජය කළහ.





