YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 1:27-36

විනිසුරුවෝ 1:27-36 SCV

එහෙත්, මනස්සේ ජනයා බෙත්-ෂෙයාන් සහ එහි ගම්මානවල ද තානක් සහ එහි ගම්මානවල ද පදිංචිකරුවන් හෝ දෝර් සහ එහි ගම්මානවල පදිංචිකරුවන් හෝ ඉබ්ලෙයාම් සහ එහි ගම්මානවල පදිංචිකරුවන් හෝ මෙගිද්දෝ සහ එහි ගම්මානවල පදිංචිකරුවන් හෝ පලවා හැරියේ නැත. එබැවින් කානානිවරු දිගට ම දේශයෙහි වාසය කරන්නට අදිටන් කර ගෙන සිටියහ. ඉශ්‍රායෙල් වඩා බලවත් වූ කල, ඔවුහු කානානිවරුන් බර වැඩෙහි යෙදවූහ. එහෙත් සහමුලින් ම ඔවුන් පන්නා දැමුවේ නැත. එප්‍රායිම් ද ගෙසෙර්හි විසූ කානානිවරුන් පන්නා දැමුවේ නැත. එබැවින් කානානිවරු ඔවුන් සමඟ ගෙසෙර්හි වාසය කළහ. සාබුලොන් ද කිට්රොන්හි වාසය කළවුන් හා නහලොල්හි වාසය කළවුන් පලවා හැරියේ නැත. එබැවින් කානානිවරු ඔවුන් අතරෙහි වෙසෙමින්, බර වැඩට යටත් වූහ. ආෂෙර් ද අක්කෝ වාසීන් හෝ සීදොන් වාසීන් හෝ අහ්ලාබ් වාසීන් හෝ අක්සීබ් හෝ හෙල්බා හෝ අෆේක් හෝ රෙහොබ් වාසීන් පන්නා දැමුවේ නැත. එබැවින් ආෂෙර් ජනයා දේශ වාසීන් වූ කානානිවරුන් අතරෙහි ම වාසය කළහ. මන්ද ඔවුහු ඔවුන් පන්නා දැමුවේ නැති බැවිනි. නෆ්තලී ද බෙත්-ෂෙමෙෂ් වාසීන් හෝ බෙත්-අනාත් වාසීන් හෝ පලවා හැරියේ නැත. ඔවුහු දේශ වාසීන් වූ කානානිවරුන් අතරෙහි ම පදිංචි වූහ. කෙසේ වෙතත් බෙත්-ෂෙමෙෂ් හා බෙත්-අනාත් වාසීහු ඔවුන්ගේ බර වැඩට උර දුන්හ. අමෝරිවරු, දාන් ජනතාව කඳුරටට සීමා කොට, ඉන් ඔබ්බට පහළ නිම්නයට ඒමට ඔවුනට ඉඩ නො දුන්හ. අමෝරිවරු හෙරෙස් කන්ද ද අයියාලොන් හා ෂාල්බීම් ද යන පෙදෙස්හි වසන්නට ම අදිටන් කර ගෙන සිටි නමුදු, යෝසෙප් වංශිකයින්ගේ බලය වැඩි වූ කල්හි බර වැඩට ඔවුහු යටත් කරනු ලැබූහ. අමෝරිවරුන්ගේ දේශ සීමා වූයේ ගෝනුසු මංකඩ නැග්ම සිට සෙලා හා ඉන් ඔබ්බට ය.

Video for විනිසුරුවෝ 1:27-36

Free Reading Plans and Devotionals related to විනිසුරුවෝ 1:27-36