YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 1:21-26

විනිසුරුවෝ 1:21-26 SCV

එහෙත් බෙන්යමින් ජනයා යෙරුසලමෙහි විසූ යෙබූසිවරුන් පන්නා දැමුවේ නැත. එබැවින් යෙබූසිවරු මේ දක්වාත් බෙන්යමින් ජනයා සමඟ යෙරුසලමෙහි වෙසෙති. යෝසෙප් වංශිකයෝ ද බෙතෙල්ට එරෙහිව ගියහ. ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ වූ සේක. යෝසෙප් වංශිකයෝ ඔත්තු බලන පිණිස බෙතෙල් වෙත මිනිසුන් යැවූහ. කලින් එපුරවරයේ නාමය වූයේ ලූස් ය. නගරයෙන් පිටතට මිනිසකු එනු දුටු ඔත්තුකරුවෝ, ඔහුට කතා කොට, “නගරයට ඇතුළු වන හැටි අපට පෙන්වන්න. අපිත් ඔබට කරුණාව දක්වන්නෙමු” යි කීහ. ඔහු ඔවුන්ට නගරය තුළට මං පෙන්වී ය. ඔවුහු එහි වැද, නගරය ම කඩු ගෑ නමුදු, ඒ මිනිසාත්, ඔහුගේ මුළු පවුලත් යන්නට හැරියහ. ඒ මිනිසා හිත්තිවරුන්ගේ දේශයට ගොස්, නුවරක් ගොඩ නගා, ඊට ලූස් යැයි නම් තැබී ය. මේ දක්වාත් එහි නම එය ම ය.

Video for විනිසුරුවෝ 1:21-26

Free Reading Plans and Devotionals related to විනිසුරුවෝ 1:21-26