යාකොබ් 5:10-12
යාකොබ් 5:10-12 SCV
සහෝදරයිනි, දුක් පීඩා හමුවේ ඉවසීමේ ආදර්ශයක් ලෙස ස්වාමින්වහන්සේගේ නාමයෙන් කතා කළ දිවැසිවරුන් ගැන සිතා බලන්න. මෙන්න! අප සිතන්නේ ස්ථිර ව රැඳී සිටි අය භාග්‍යවත් ය කියායි. යෝබ්ගේ ස්ථිර භාවය ගැන ඔබ අසා ඇත. අවසානයේදී ස්වාමින්වහන්සේගේ තීරණය ද ඔබ දුටුවෙහි ය. ස්වාමින්වහන්සේ අනුකම්පාවෙන් සහ දයාබරකමින් පූර්ණ ය. සියල්ලට ම වඩා මා සහෝදරයිනි, ඔබ වරදට පත් කරනු නො ලබන පිණිස, අහස ගැන, පොළොව ගැන හෝ අන් කවර දෙයක් ගැන නො දිවුරන්න. “ඔව්” කිව යුතු තැන ඔව් කියා ද “නැත” කිව යුතු තැන නැත කියා ද පවසන්න.





