YouVersion Logo
Search Icon

යාකොබ් 4:4-10

යාකොබ් 4:4-10 SCV

පරදාරික ජනයිනි, ලෝකය සමඟ මිත්‍රත්වය දෙවියන්වහන්සේ සමඟ සතුරු වීම වග ඔබ දන්නේ නැති ද? එබැවින්, ලෝකය හා මිතුරු වීමට කැමති කවරකු වුව, දෙවියන්වහන්සේ සමඟ සතුරු වෙයි. අප තුළ වාසයට දෙවියන්වහන්සේ අපට දුන් ආත්මය ඊර්ෂ්‍යාවෙන් පෙළෙතැයි ශුද්ධ ලියවිල්ල පවසන්නේ නිකමට යැයි ඔබ සිතනවා ද? එහෙත්, දෙවියන්වහන්සේ අපට වඩ වඩා අනුග්‍රහය දක්වන සේක. ශුද්ධ ලියවිල්ල මෙසේ පවසයි: “දෙවියන්වහන්සේ උඩඟු වූවනට එරෙහි වන සේක. එහෙත් යටහතුනට අනුග්‍රහය දෙන සේක.” එබැවින් දෙවියන්වහන්සේට යටත් වන්න; යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යනු ඇත. දෙවියන්වහන්සේට සමීප වන්න; එවිට උන්වහන්සේ ඔබට සමීප වනු ඇත. පව්කාරයිනි, නුඹලාගේ අත් සෝදා ගනිල්ලා. දෙසිත් ඇත්තනි, නුඹලාගේ හදවත් පවිත්‍ර කර ගනිල්ලා. තැවෙන්න; හඬන්න; වැලපෙන්න. ඔබගේ සිනහව හැඬීමටත්, ඔබගේ සොම්නස දොම්නසටත් හරවා ගන්න. ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔබ ම යටහත් වන්න. එවිට උන්වහන්සේ ඔබ උසස් කරනු ඇත.