YouVersion Logo
Search Icon

යාකොබ් 4:13-17

යාකොබ් 4:13-17 SCV

“අද හෝ හෙට හෝ අප මේ මේ නගරයට ගොස්, වසරක් ගත කොට, වෙළඳාම් කරමින්, මුදල් උපයන්නෙමු” යි කියන්නෙනි, මට සවන් දෙන්න. හෙට දවසේ කුමක් වේ දැයි ඔබ දන්නේ නැත. ඔබේ ජීවිතය කුමක් ද? ඔබ, සුළු මොහොතකට ඇති වී, නැති වී යන මීදුමකි. එබැවින් ඔබ කිව යුත්තේ, “ස්වාමින්වහන්සේ කැමති සේක් නම්, අපි ජීවත් වී, එලෙස හෝ මෙලෙස හෝ කරන්නෙමු” යනුවෙනි. එහෙත් ඔබ, දැන් අහංකාරයෙන් පාරට්ටු කර ගනී. එවැනි සියලු පාරට්ටු දුෂ්ටකමකි. එබැවින් යමෙක්, කළ යුතු හරි දේ දැන, ඒ දේ නො කරන්නේ නම් එය ම ඔහුට පාපයකි.