යෙසායා 7
7
යෙසායා සහ ආහාස් රජු
1උස්සියාගේ පුත්‍ර වූ යෝතාම්ගේ පුත්‍ර ආහාස්, යූදා දේශයේ රජකම් කළ දවස්හි, අරාම්හි රජු වූ රෙසීන් හා රෙමලියාගේ පුත් ඉශ්රායෙල් රජු වූ පෙකා, යෙරුසලමට එරෙහිව සටනට ආහ. එහෙත් ඊට එරෙහිව පහර දෙන්නට ඔවුනට නුපුළුවන් විය.
2“අරාම්වරුන් එප්‍රායිම් සමඟ එකතු වී ඇතැ#7:2 අරාම්වරුන් එප්‍රායිම් සමඟ එකතු වී ඇතැ එනම් අරාම්වරුන් එප්‍රායිම්හි කඳවුරු බැඳ ඇතැයි” යි දාවිත්ගේ වංශයට දන්වන ලදී. එවිට ආහාස්ගේ හදවත හා ඔහුගේ ජනයාගේ හදවත් සැලෙන්නට වන්නේ, වනයේ ගස් සුළඟට සැලෙන්නාක් මෙනි.
3එවිට ස්වාමින්වහන්සේ යෙසායා අමතමින්, “ආහාස් මුණගැසෙන්නට පිටත් වන්න. ඔබත්, ඔබේ පුත් ෂෙයාර්-යාෂුබ් ද අපුල්ලන්නාගේ පිටියට යන මාවතේ පිහිටි ඉහළ පොකුණේ ජල පීල්ල කෙළවරට යන්න. 4ගොස්, ඔහුට මෙසේ කියන්න: ‘පරෙස්සම් වන්න, සන්සුන් වන්න. බිය නො වන්න. දුම් දමන ගිනි පෙනෙලි දෙක වන රෙසීන්ගේ හා අරාම්වරුන්ගේ ද රෙමලියාගේ පුත්‍රයාගේ ද රුදුරු කෝපය නිසා ඔබේ හද අධෛර්ය කර නො ගන්න. 5අරාම්වරුන්, එප්‍රායිම්වරුන් හා රෙමලියාගේ පුත්‍රයා ඔබට එරෙහිව උපාය යොදමින් කියා ඇත්තේ, 6“අපි යූදා දේශයට එරෙහිව නැගී යමු: අපි එය බියවද්දා, එය යටත් කර ගනිමු. ටොබෙයෙල්ගේ පුත්‍රයා එහි රජකමට පත් කර ගනිමු” කියා ය. 7එහෙත් පරමාධිපති ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි:
“ ‘එය සිදු වන්නේ නැත;
එය ඉටු වන්නේ නැත.
8මන්ද අරාම්හි හිස දමස්කය ය.
දමස්කයේ හිස රෙසීන් ය.
හැටපස් වසරක් ඇතුළත,
ජනතාවක් නො වන ලෙසට එප්‍රායිම් කැබලිවලට බිඳ දැමේ.
9එප්‍රායිම්ගේ හිස සමාරිය ය.
සමාරියේ හිස රෙමලියාගේ පුත්‍රයා ය.
ඔබ, ඔබේ ඇදහිල්ලේ ස්ථිර ව පිහිටා නො සිටියහොත්,
ඔබ කොහෙත් ම පවතින්නේ නැතැ’ යි” පැවසූ සේක.
10 ස්වාමින්වහන්සේ යළි ආහාස් ඇමතූ සේක්, 11“පාතාලය සේ ගැඹුර හෝ ස්වර්ගය සේ ඉහළ ලකුණක් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙතින් ඉල්ලන්නැ” යි කී සේක.
12එහෙත් ආහාස්, “මා ඉල්ලන්නේ නැත; මා ස්වාමින්වහන්සේ පරීක්ෂා කරන්නේ නැතැ” යි කීවේ ය.
13එවිට යෙසායා කතා කරමින්, “එම්බා දාවිත් වංශිකයිනි, මේ අසනු! මගේ දෙවියන්වහන්සේගේ ඉවසීම නුඹලා සෝදිසි කරන්නේ, මිනිසුන්ගේ ඉවසීම සෝදිසි කළා මදිවාට ද? 14එබැවින් ස්වාමින්වහන්සේ ම ඔබට ලකුණක් දෙන සේක: ඔන්න! කන්‍යාව#7:14 කන්‍යාව හෙවත් තරුණිය ගැබ් ගෙන, පුතකු බිහි කරන්නී ය. ඔහුට එම්මානුවෙල්#7:14 එම්මානුවෙල් හෙබ්‍රෙව්-ඉම්මානූ ඒල් එනම් දෙවියන්වහන්සේ අප සමඟ ය. යැයි නම් තබනු ඇත. 15නරක එපා කොට, හොඳ තෝරාගැනීමට ඔහුට වැටහෙන කල, ඔහු දී-කිරිත්, මී-පැණිත් අහරට ගනු ඇත. 16එහෙත්, දරුවා නරක එපා කොට, හොඳ තෝරා ගැනීම වටහා ගැනීමට පළමුවෙන්, ඔබ බියපත් වූ රජුන් දෙදෙනාගේ දේශය පාළු වී යනු ඇත. 17යූදා වෙතින් එප්‍රායිම් වෙන් වූ කාලයේ පටන් නො වූ විරූ ආකාරයේ කාලයක් ස්වාමින්වහන්සේ ඔබ පිටත්, ඔබේ ජනයා පිටත්, ඔබේ පියාගේ වංශය පිටත් ගෙන එන සේක. උන්වහන්සේ අසිරියාවේ රජු ගෙන එන සේක.”
ඇසිරියාව, ස්වාමින්වහන්සේගේ ආයුධය
18ඒ දවසේ ස්වාමින්වහන්සේ ඊජිප්තුවේ දුරස්ථ ඇළ-දොළවල සිටින මැස්සනටත්, අසිරියාවේ දේශයේ සිටින මී-මැස්සනටත් නළා සංඥාවක් හඬවනු ඇත. 19ඒ සියල්ලන් පැමිණ, බෑවුම් සහිත ගිරිකඳුරුවල ද පර්වත විවර තුළ ද සියලු කටු පඳුරුවල ද දිය ඇති සියලු දිය-වගුරුවල ද රැඳෙනු ඇත. 20ඒ දවසේ ස්වාමින්වහන්සේ ගඟ එගොඩින් කුලියට ගත් දැළි පිහිය වන අසිරියාවේ රජු ලවා ඔබේ හිස ද ඔබේ කකුල්වල රෝම ද බූ ගා, ඔබේ යටි රැවුල ද පහ කර දමනු ඇත. 21ඒ දවසේ මිනිසෙක් එළ නෑම්බියක හා බැටළු දෙනුන් දෙදෙනකු පමණක් ජීවත් ව තබා ගන්නවා ඇත. 22උන් යහමින් ලබා දෙන කිරෙන්, ඔහු දී-කිරි අහරට ගනු ඇත. දේශයේ ඉතිරි ව සිටින සියල්ලෝ දී-කිරිත්, මී-පැණිත් වළඳනු ඇත. 23ඒ දවසේ, රිදී ෂෙකෙල් දහසක#7:23 එනම් කිලෝග්‍රෑම් 12ක් පමණ. වටිනාකමින් යුතු මිදි වැල් දහසක් තිබූ තැන්හි තිබෙනු ඇත්තේ ගොකටු හා කටු ගස් පමණි. 24දේශය ගොකටු හා කටුගස්වලින් වැසී යනු ඇති බැවින්, මිනිසුන් එහි යනු ඇත්තේ දුනු-හී ඇති ව ය. 25වරක් දැති පෝරුව උපයෝගී කොට වගාකර තිබූ සියලු කඳුවලට පවා තවත් ඔබ නො යනු ඇත. ඒ, ගොකටු හා කටුගස්වලට බියෙනි. ඒ කඳු, නිදැල්ලේ හරින ලද ගවයින් ලගින, බැටළුවන් දුවන තැන් බවට පත් වනු ඇත.
Currently Selected:
යෙසායා 7: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: