YouVersion Logo
Search Icon

යෙසායා 64:1-7

යෙසායා 64:1-7 SCV

ඔබ ඉදිරියෙහි කඳු වෙවුලුම් කන පිණිස, අහෝ ඔබ අහස ඉරාගෙන පහළ බැස එන්නේ නම්! ගින්න, වන-ලැහැබ් ගිනි අවුළුවන්නා සේ, ගින්න, වතුර උතුරන්නට සලසන්නා සේ ඔබේ සතුරනට ඔබේ නාමය දන්වන පිණිස, ඔබ ඉදිරියේ ජාතීන් වෙවුලන පිණිස, ඔබ පහළ බැස එන්නේ නම්! මන්ද අප අපේක්ෂා නො කළ බියකරු දෑ ඔබ සිදු කළ කල්හි, ඔබ පහළ බැස ආ සේක. ඔබ ඉදිරියේ කඳු වෙවුලී ය. ඔබවහන්සේ මිස, තමන් ගැන බලා සිටින්නන් උදෙසා ක්‍රියා කරන අන් දෙවියන්වහන්සේ කෙනකු ගැන පුරාණ කාලයේ පටන් කිසිවකු අසා නැත. කිසි කනකට දැනී නැත. කිසි ඇසකට පෙනී නැත. ධර්මිෂ්ඨ වැඩ සතුටු සිතින් කරන, ඔබේ මාර්ගවල ගමන් කරමින් ඔබ සිහි තබා ගන්නා අයට ඔබ හමුවන සේක. අපි ඒවාට විරුද්ධ ව පව් කළෙමු; මෙන්න! ඔබ කෝප වෙලා! දිගු කලක් ම අපි පාපයේ පැවතුණෙමු. අප ගලවනු ලැබේ ද? අප සියල්ලන් අපවිත්‍ර කෙනකු බවට පත් ව ඇත; අපේ සියලු ධර්මිෂ්ඨ ක්‍රියා, දූෂිත වස්ත්‍රයක් වැන්න. අප හැම ගහක කොළයක් සේ මැලවී යයි, අපගේ අයුතුකම් සුළඟ සේ අප ඉවත ගසා යවයි. ඔබේ නාමය කියා අයදින කෙනකු නැත. ඔබ අල්ලා ගැනීමට වැර දරන කෙනකු ද නැත. මන්ද ඔබ, අප වෙතින් ඔබේ මුහුණ සඟවා ගත් සේක්, අපගේ අයුතුකම් නිසා අප ක්ෂය වී යන්නට සැලසූ සේක.

Free Reading Plans and Devotionals related to යෙසායා 64:1-7