යෙසායා 64:1-4
යෙසායා 64:1-4 SCV
ඔබ ඉදිරියෙහි කඳු වෙවුලුම් කන පිණිස, අහෝ ඔබ අහස ඉරාගෙන පහළ බැස එන්නේ නම්! ගින්න, වන-ලැහැබ් ගිනි අවුළුවන්නා සේ, ගින්න, වතුර උතුරන්නට සලසන්නා සේ ඔබේ සතුරනට ඔබේ නාමය දන්වන පිණිස, ඔබ ඉදිරියේ ජාතීන් වෙවුලන පිණිස, ඔබ පහළ බැස එන්නේ නම්! මන්ද අප අපේක්ෂා නො කළ බියකරු දෑ ඔබ සිදු කළ කල්හි, ඔබ පහළ බැස ආ සේක. ඔබ ඉදිරියේ කඳු වෙවුලී ය. ඔබවහන්සේ මිස, තමන් ගැන බලා සිටින්නන් උදෙසා ක්‍රියා කරන අන් දෙවියන්වහන්සේ කෙනකු ගැන පුරාණ කාලයේ පටන් කිසිවකු අසා නැත. කිසි කනකට දැනී නැත. කිසි ඇසකට පෙනී නැත.





