යෙසායා 64:1-2
යෙසායා 64:1-2 SCV
ඔබ ඉදිරියෙහි කඳු වෙවුලුම් කන පිණිස, අහෝ ඔබ අහස ඉරාගෙන පහළ බැස එන්නේ නම්! ගින්න, වන-ලැහැබ් ගිනි අවුළුවන්නා සේ, ගින්න, වතුර උතුරන්නට සලසන්නා සේ ඔබේ සතුරනට ඔබේ නාමය දන්වන පිණිස, ඔබ ඉදිරියේ ජාතීන් වෙවුලන පිණිස, ඔබ පහළ බැස එන්නේ නම්!





