YouVersion Logo
Search Icon

යෙසායා 55:9-13

යෙසායා 55:9-13 SCV

“අහස, පොළොවට වඩා ඉහළින් ඇති සේ, මගේ මාර්ග, එපරිදි ඔබගේ මාර්ගවලට වඩා ඉහළ ය. මගේ අදහස්, ඔබේ අදහස්වලට වඩා උසස් ය. වැස්ස හා හිම, අහසින් පොළොවට වැටී, පොළොව තෙත් කොට, දළු පැළ නංවා, වපුරන්නාට බීජ ද භුක්තිවිඳින්නාට අහර ද හට ගැන්වෙන සේ බිම සශ්‍රීක කොට මිස, ආපසු හැරී නො එන්නේ යම් සේ ද, මගේ මුවින් නික්මෙන මගේ වචනය ද එසේ ම වෙයි. එය හිස් අතින් මා වෙත හැරී නො එයි. එය මගේ අභිලාෂය ඉෂ්ට කර, මා එය යැවූ අරමුණ මුදුන් පමුණුවයි. මන්ද ඔබ ප්‍රීතියෙන් පිටතට යනු ඇත. සාමයෙන් පෙරට ගෙන යනු ලබනු ඇත. කඳු හා හෙල්, ඔබ ඉදිරියේ ගී ගයන්නට නැගී සිටී; කෙත් වත්හි සියලු ගස්, අත්පොළසන් දෙන්නට වෙයි. කටු පඳුරු වෙනුවට සයිප්‍රස් ගස් හට ගනී. ගොකටු වෙනුවට මරඳ ගස් වැඩේ. ස්වාමින්වහන්සේගේ කීර්තිය සඳහා වන සදහට ම මැකී නො යන සලකුණ එයයි.”

Verse Image for යෙසායා 55:9-13

යෙසායා 55:9-13 - “අහස, පොළොවට වඩා ඉහළින් ඇති සේ,
මගේ මාර්ග, එපරිදි ඔබගේ මාර්ගවලට වඩා ඉහළ ය.
මගේ අදහස්, ඔබේ අදහස්වලට වඩා උසස් ය.
වැස්ස හා හිම,
අහසින් පොළොවට වැටී,
පොළොව තෙත් කොට, දළු පැළ නංවා,
වපුරන්නාට බීජ ද භුක්තිවිඳින්නාට අහර ද
හට ගැන්වෙන සේ බිම සශ්‍රීක කොට මිස,
ආපසු හැරී නො එන්නේ යම් සේ ද,
මගේ මුවින් නික්මෙන මගේ වචනය ද එසේ ම වෙයි.
එය හිස් අතින් මා වෙත හැරී නො එයි.
එය මගේ අභිලාෂය ඉෂ්ට කර,
මා එය යැවූ අරමුණ මුදුන් පමුණුවයි.
මන්ද ඔබ ප්‍රීතියෙන් පිටතට යනු ඇත.
සාමයෙන් පෙරට ගෙන යනු ලබනු ඇත.
කඳු හා හෙල්,
ඔබ ඉදිරියේ ගී ගයන්නට නැගී සිටී;
කෙත් වත්හි සියලු ගස්,
අත්පොළසන් දෙන්නට වෙයි.
කටු පඳුරු වෙනුවට සයිප්‍රස් ගස් හට ගනී.
ගොකටු වෙනුවට මරඳ ගස් වැඩේ.
ස්වාමින්වහන්සේගේ කීර්තිය සඳහා වන
සදහට ම මැකී නො යන
සලකුණ එයයි.”

Free Reading Plans and Devotionals related to යෙසායා 55:9-13