YouVersion Logo
Search Icon

යෙසායා 53:7-9

යෙසායා 53:7-9 SCV

එතුමාණන් පීඩාවට පත් කරන ලද නමුදු හා වධ හිංසාවට පමුණුවනු ලද නමුදු එතුමා තම මුව විවර කළේ නැත. මරන්නට ගෙන යන බැටළු පැටවකු විලස හා ලොම් කපන්නන් අබියස බැටළුවකු නිහඬ ව සිටින විලස, එතුමන් තම මුව, විවර කළේ නැත. එතුමන් ඉවත ගෙන යන ලද්දේ, අයුතුකමින් හා අව-නඩුවකිනි; මගේ ජනයාගේ නොපනත්කම් නිසා ජීවතුන්ගේ දේශයෙන් එතුමන් සිඳ දමනු ලබතැයි එතුමන්ගේ පරපුරේ කවරකු හෝ කල්පනාවට ගත්තේ ද? ඔවුන් එතුමන්ගේ සොහොන සෑදූයේ දුෂ්ටයින් අතරේ ය. මරණයේදී එතුමන් වූයේ ධනවතකු සමඟ ය. එහෙත් එතුමන් කිසි සැහැසිකමක් කර තිබුණේ නැත; එතුමන්ගේ මුවෙහි කිසි රැවටිල්ලක් තිබුණේ ද නැත.

Free Reading Plans and Devotionals related to යෙසායා 53:7-9