යෙසායා 53:5-6
යෙසායා 53:5-6 SCV
එහෙත් එතුමන් තුවාල ලද්දේ, අපේ අපරාධ නිසා ය. එතුමන් තැළුම්-පෙළුම් ලැබුවේ, අපේ අයුතුකම් නිසා ය. අපට ශාන්තිය සැලසුනු දඬුවම එතුමන් පිට පැටවිණි. එතුමන් ලද කසපහරවලින් අපි සුව කරනු ලැබ ඇත්තෙමු. අපි සැවොම බැටළුවන් සේ මංමුළා ව ගොස් ඇත්තෙමු; අප හැම කෙනකු ම තම තමාගේ මාර්ගයට හැරී ගොසිනි; ස්වාමින්වහන්සේ ද අප හැමගේ අයුතුකම් එතුමන් පිට තැබූ සේක.
















