යෙසායා 53:10-11
යෙසායා 53:10-11 SCV
එහෙත් ස්වාමින්වහන්සේගේ කැමැත්ත වූයේ එතුමන් තළා-පෙළා, වධ වේදනාවට පත් කිරීම ය. එතුමන්ගේ ජීවය, පව් නසන පූජාවක් වූ කල, එතුමන් තම වංශය දකිනු ඇත. එතුමන් තම දවස් දිගු කර ගනී; ස්වාමින්වහන්සේගේ කැමැත්ත ද එතුමන් අත සඵල වන්නේ ය. තම ජීවයේ කටුක වේදනාවෙන් ලද දෑ දැක, එතුමන් තෘප්තිමත් වන්නේ ය. මගේ ධර්මිෂ්ඨ තැනැත්තාණන්, මගේ සේවකයා, ස්වකීය දැනගැන්මෙන් බොහෝ දෙනකු ධර්මිෂ්ඨ කරනු ඇත. ඔවුන්ගේ අයුතුකම් තමන් පිට දරා ගනු ඇත.
![[Uniqueness of Christ] Jesus’ Unique Request යෙසායා 53:10-11 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F34442%2F1440x810.jpg&w=3840&q=75)




