YouVersion Logo
Search Icon

යෙසායා 52:7-8

යෙසායා 52:7-8 SCV

සුබ ආරංචි ගෙනෙන අයගේ පාද කඳු පිට කොපමණ අලංකාර ද! සාමය ප්‍රකාශ කරන ඔහු ප්‍රීතියේ සුබ ආරංචි ගෙනෙයි. ගැලවීම ප්‍රකාශ කරන ඔහු “ඔබේ දෙවියන්වහන්සේ රජකම් කරන්නාහ” යි සියොනට කියන්නේ ය. අන්න! ඔබේ මුරකරුවන්ගේ කටහඬ. ඔවුහු තම කටහඬින් උස් හඬ නගති. ඔවුහු එක් ව ප්‍රීතියෙන් ගී ගයති. මන්ද ස්වාමින්වහන්සේ සියොන වෙත ආපසු එනු ඔවුහු සියැසින් ම දකිති.

Free Reading Plans and Devotionals related to යෙසායා 52:7-8