යෙසායා 51
51
සියොනට සැනසීම
1“දමිටුකම පසු පස යන්නෙනි,
ස්වාමින්වහන්සේ සොයන්නෙනි, මට සවන් දෙන්න.
ඔබ කපා ගනු ලැබූ පර්වතය දිහා,
ඔබ නෙළා ගනු ලැබූ ගල් වළ දිහා බලන්න.
2ඔබේ ආදී පියා ආබ්‍රහම් දිහා,
ඔබ බිහි කළ සාරා දිහා බලන්න.
මන්ද මා ඔහුට හඬ ගැසූ කල, ඔහු එක් පුද්ගලයකු පමණකි.
මම ඔහුට ආශිර්වාද කර, ඔහු බොහෝ දෙනකු කළෙමි.
3මන්ද ස්වාමින්වහන්සේ සියොන සනහන සේක.
එහි නාස්ති වූ සියල්ල සනසන උන්වහන්සේ
එහි කාන්තාර, ඒදන් උයන සේ ද
එහි පාළු කතර, ස්වාමින්වහන්සේගේ උයන සේ ද වන්නට සලසන සේක.
ඒ තුළ ප්‍රීතිය හා ප්‍රමෝදයත්,
ස්තුති දීම් හා ගීත නාදයත් හමු වනු ඇත.
4“මගේ ජනයිනි, මට අවධානය යොමන්න;
මගේ ජාතිකයිනි, මට කන් දෙන්න:
ව්‍යවස්ථාව#51:4 ව්‍යවස්ථාව හෙවත් ඉගැන්වීම 7 වෙනි පදයේ ද එසේ ය., මා වෙතින් පිටත් ව යයි.
ජාතීනට එළියක් පිණිස මම මගේ යුක්තිය, පිහිටුවමි.
5මගේ ධර්මිෂ්ඨකම, ළඟා වෙයි.
මගේ ගැලවීම, පිටත් ව ගොසිනි.
මගේ බාහුව, ජනයින් විනිශ්චය කරනු ඇත.
වෙරළබඩ දිවයින් මා ගැන බලා හිඳියි.
මගේ බාහුව බලාපොරොත්තුවෙන් බලා හිඳියි.
6අහස දෙසට ඔබේ ඇස් ඔසවන්න.
පහළ පොළොව දෙස බලන්න.
මන්ද දුමක් පරිදි අහස නො පෙනී යනු ඇත.
ඇඳුමක් පරිදි පොළොව අබලන් ව, ගෙවී යනු ඇත.
එහි වෙසෙන්නන් මැස්සන් සේ මැරී යනු ඇත.
එහෙත් මගේ ගැලවීම සදහට පවතී.
මගේ ධර්මිෂ්ඨකම කිසි දා නො වරදී.
7“ධර්මිෂ්ඨකම දන්නා-හඳුනන,
තම හදවත්හි මගේ ව්‍යවස්ථාව ඇති ජනයිනි, මට සවන් දෙන්න:
මිනිසුන්ගේ අවලාදවලට භය නො වන්න.
ඔවුන්ගේ පරිභවවලින් තැති නො ගන්න.
8මන්ද කාවුන්, ඇඳුමක් සේ ඔවුන් කා දමනු ඇත;
තවද පණුවන්, ලොම් සේ ඔවුන් කා දමනු ඇත.
එහෙත් මගේ ධර්මිෂ්ඨකම සදහට පවතී.
මගේ ගැලවීම සියලු පරම්පරාවලට ය.”
9 ස්වාමින්වහන්සේගේ හස්තය, පිබිදෙන්න! පිබිදෙන්න!
සවියෙන් සැරසෙන්න!
යටගිය දවස්හි දී මෙන්,
ඉපැරණි පරම්පරාහි දී මෙන් පිබිදෙන්න.
කැබලිවලට රහබ් කපා දැමුවේ,
දැවැන්ත මකරාට ඇන්නේ ඔබ නො වේ ද?
10මහත් ගැඹුරේ ජලය හින්දවූයේත්,
මුහුද වියළවා හැරියේත්,
මුදා ගනු ලැබූවන්ට එතෙර විය හැකි වන පරිදි,
මුහුදු පත්ලෙහි මාවතක් තැනුවේත් ඔබ ම නො වේ ද?
11 ස්වාමින්වහන්සේ වන්දි ගෙවා, නිදහස් කර ගනු ලැබුවෝ, ආපසු එති.
ඔවුන් ප්‍ර්‍රීති නාද පවත්වමින්, සියොන වෙත පිවිසෙනු ඇත.
සදාතනික ප්‍රීතිය, ඔවුන්ගේ හිස් පැලඳෙනු ඇත.
සොම්නස හා ප්‍රීතිය, ඔවුන් වට කොට ගැනේ.
ශෝකය හා සුසුම්, ඉවත පලා දිවේ.
12“ඔබ සනසන තැනැන්වහන්සේ මම ය. මම ම ය.
මැරෙන සුළු මිනිසුන්ට, තණපත් බඳු වූ මනුෂ්‍ය-පුත්‍රයින්ට
භය වන ඔබ කවුද?
13අහස විහිදවා,
පොළොවේ අත්තිවාරම් දැමූ
ඔබේ මැවුම්කාර ස්වාමින්වහන්සේ අමතක කිරීමට ඔබ කවුද?
විනාශ කිරීමට අදිටන් කර ගත්
පීඩකයාගේ උදහස නිසා,
එක දිගට දවස මුළුල්ලේ ඔබ භයෙන් සිටින්නට ඔබ කවුද?
කෝ! පීඩකයාගේ උදහස කොහේ ද?
14පීඩාවට පත් වූ තැනැත්තා වහා නිදහස ලබන්නේ ය.
ඔහු මියෙන්නේ නැත. නරාවළට බැස යන්නේ නැත.
ඔහුට අහර හිඟ වන්නේ ද නැත.
15මන්ද ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ වන මම
මුහුදු රළ පෙළ ඝෝෂා කරවන පිණිස, මුහුද කලතන තැනැන්වහන්සේ වෙමි.
උන්වහන්සේගේ නාමය සේනාංකවල ස්වාමින්වහන්සේ ය.
16මගේ වචන මම ඔබේ මුවෙහි තබා,
මගේ අතේ සෙවණැල්ලෙන් මම ඔබ ආවරණ කළෙමි.
අහස පිහිටු වූයේත්,
පොළොවේ අත්තිවාරම් ලා,
‘මගේ ජනයා ඔබ යැ’ යි සියොනට කියන්නේත් මම ය.”
ස්වාමින්වහන්සේගේ උදහසේ කුසලානය
17ඔබ ම පුබුදුවාගන්න! ඔබ ම පුබුදුවාගන්න!
නැගී සිටින්න. එම්බා යෙරුසලම,
ස්වාමින්වහන්සේ අතින්,
උන්වහන්සේගේ උදහසේ කුසලානෙන් පානය කළ ඔබ,
වැනි වැනී යන කුසලාන වන,
එහි අඩියේ මණ්ඩි ටිකත් පානය කර ඇත.
18ඇය බිහි කළ පුතුන් හැම අතරින්,
ඇයට මග පෙන්වන්නට එකකුදු නැත.
ඇතිදැඩි කළ සියලු පුතුන් අතුරින්,
ඇගේ අත අල්ලාගෙන යන්නට එකෙකුදු නැත.
19මෙම ව්‍යසන දෙක ඔබ පිට පතිත ව ඇත.
කවරකුට ඔබ සැනසිය හැක්කේ ද?
වැනසීම, විනාශය, සාගතය හා කඩු පහර යන මේවායින්
මම කෙලෙස ඔබ අස්වසම් ද?
20ඔබේ පුතුන් ක්ලාන්ත වී ඇත.
දැලකට හසු වූ මුවකු පරිද්දෙන්,
හැම වීදියක් ඉද්දර ම ඔවුහු ලැග සිටිති.
ස්වාමින්වහන්සේගේ උදහසින්,
ඔබේ දෙවියන්වහන්සේගේ තරවටුවෙන් ඔවුහු පුරවනු ලැබ සිටිති.
21එබැවින් පීඩිතය, මීට සවන් දෙන්න.
ඔබ සිටින්නේ මත් වෙලා ය. එහෙත් මිදි යුෂවලින් නො වේ.
22තම ජනයා ගැන කරුණු කියන්නා වූ,
ඔබේ දෙවියන්වහන්සේ වන පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“මෙන්න! වැනි වැනී යන්නට සිදු වූ
මගේ උදහසේ පාත්‍රය
ඔබේ අතින් මම ගත්තෙමි.
මගේ උදහසේ පාත්‍රයෙන් ආයෙත් ඔබ බොන්නේ නැත.
23ඔබට වධ වේදනා පැමිණවුන් අතට මම එය පත් කරමි.
‘නුඹ පාගා ගෙන යන්නට අපට හැකි වන පිණිස,
මුණින් තලා වී බිම දිගා වන්නැ’ යි
ඔවුහු ඔබට කීහ.
ඇවිදින්නට වීදියක් බඳුව ඔබත්, ඔබේ පිට, පාදිකාවක් කළේ ය.”
Currently Selected:
යෙසායා 51: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: