YouVersion Logo
Search Icon

යෙසායා 51:1-3

යෙසායා 51:1-3 SCV

“දමිටුකම පසු පස යන්නෙනි, ස්වාමින්වහන්සේ සොයන්නෙනි, මට සවන් දෙන්න. ඔබ කපා ගනු ලැබූ පර්වතය දිහා, ඔබ නෙළා ගනු ලැබූ ගල් වළ දිහා බලන්න. ඔබේ ආදී පියා ආබ්‍රහම් දිහා, ඔබ බිහි කළ සාරා දිහා බලන්න. මන්ද මා ඔහුට හඬ ගැසූ කල, ඔහු එක් පුද්ගලයකු පමණකි. මම ඔහුට ආශිර්වාද කර, ඔහු බොහෝ දෙනකු කළෙමි. මන්ද ස්වාමින්වහන්සේ සියොන සනහන සේක. එහි නාස්ති වූ සියල්ල සනසන උන්වහන්සේ එහි කාන්තාර, ඒදන් උයන සේ ද එහි පාළු කතර, ස්වාමින්වහන්සේගේ උයන සේ ද වන්නට සලසන සේක. ඒ තුළ ප්‍රීතිය හා ප්‍රමෝදයත්, ස්තුති දීම් හා ගීත නාදයත් හමු වනු ඇත.

Free Reading Plans and Devotionals related to යෙසායා 51:1-3