YouVersion Logo
Search Icon

යෙසායා 50:3-6

යෙසායා 50:3-6 SCV

මම අහසට අන්ධකාරය අඳවා, ගෝණි රෙදි එහි වැස්ම කරන්නෙමි.” වෙහෙසවූවන් වචනයෙන් දරා සිටින්නට දැනගනු පිණිස, පරමාධිපති ස්වාමින්වහන්සේ දැනුමැති දිවක් මට දී ඇත. ඉගෙන ගන්නා කෙනකු මෙන් සවන් දෙන පිණිස, මගේ සවන් අවදි කරමින්, උන්වහන්සේ උදයෙන් උදය මා අවදි කරන සේක. පරමාධිපති ස්වාමින්වහන්සේ මගේ සවන විවර කළ සේක. මා කැරලි ගැසුවේ නැත. ආපස්සට හැරුණේ ද නැත. මට පහර දෙන්නන්ට මම මගේ පිට පෑවෙමි. මගේ රැවුල් ඇද දමන්නන්ට මගේ කම්මුල් පෑවෙමි. සමච්චලයට හා කෙළ පහරට මා මගේ මුහුණ සඟවා ගත්තේ නැත.