යෙසායා 48:12-13
යෙසායා 48:12-13 SCV
“එම්බා යාකොබ්, මවිසින් කැඳවා ගත් ඉශ්‍රායෙල්, මට සවන් දෙන්න. මමයි උන්වහන්සේ; මමයි පළමු වැන්නා; මමයි අන්තිමයාත්. පොළොවේ අත්තිවාරම් ලූයේ, මගේ අතින් ය. අහස් කුස් විහිද වූයේ, මගේ දකුණු අතින් ය. මා ඒවා කැඳවූ කල, ඒවා එක් ව පෙනී සිටී.





