යෙසායා 48:1-3
යෙසායා 48:1-3 SCV
“මේ අසනු එම්බා යාකොබ් වංශය, ඉශ්‍රායෙල් යන නාමයෙන් අමතනු ලබන, යූදා පෙළපතින් පැවත එන නුඹ ස්වාමින්වහන්සේගේ නාමයෙන් දිවුරයි, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ සඳහන් කරයි; එහෙත් ඒ, සැබෑකමින්වත්, දමිටුකමින්වත් නො වේ. මන්ද ඔවුහු ශුද්ධ නගරයට අනුව තමන් හඳුන්වා ගනිති, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ මත තමන් ම රඳා සිටිති. සේනාංකවල ස්වාමින්වහන්සේ යනු උන්වහන්සේගේ නාමයයි. ඉහත දේවල් මම ඈත අතීතයේ කල්තියා ප්‍රකාශ කළෙමි. මගේ මුවින් ඒවා නිකුත් විණි. මම ඒවා නිවේදන කළෙමි. හදිසියේ ම මම එසේ කළෙමි. ඒවා සිද්ධ විය.




