YouVersion Logo
Search Icon

යෙසායා 46:5-7

යෙසායා 46:5-7 SCV

“ඔබ, මා සසඳන්නේ කවරකුට ද? මා හා සමාන යයි සැලකෙන්නේ කවුරු ද? අප සසඳා බලන පිණිස, ඔබ මා සමාන කරන්නේ කවරකුට ද? තම පසුම්බියෙන් රත්රන් බහුල ව වගුරු වන ඇතැම්හු තරාදිවලින් රිදී කිරා දෙමින්, රන්කරුවකු කුලියට ගෙන, එයින් දෙවියකු සාදා ගෙන, ඉන්පසු ඊට වැඳ වැටෙමින්, නමදිති. ඔවුහු එය ඔසවා, කරපිටින් ගෙන ගොස්, ඊට නියමිත තැන පිහිටුවති. සිට වූ තැන ම රඳනු විනා, එතැනින් සෙලවෙන්නට වත් ඊට බැරි ය. යමකු ඊට මොර ගසා කතා කළත්, එය පිළිතුරු නො දෙයි. ඔහුගේ විපතින් ඔහු මුදන්නට ඊට නුපුළුවන.