YouVersion Logo
Search Icon

යෙසායා 46:1-4

යෙසායා 46:1-4 SCV

බේල් දෙවි බිමට නැමෙයි. නෙබෝ දෙවි වක ගැසෙයි. ඔවුන්ගේ පිළිම මෘගයින් හා ගවයින් මත ය. ඔබ උසුලාගෙන යන-එනු ලබන ඒවා ඉසිලීම දුෂ්කර ය. වෙහෙස වූ මෘගයන්ට එය බරකි. ඔවුහු වක ගැසෙති. එක් ව, බිමට නැමෙති; ඒ බර ගලවාගත නො හැකි ව, තුමූම වහල්කමට හසුව යති. “මට සවන් දෙන්න, එම්බා යාකොබ් වංශිකයිනි, ඉශ්‍රායෙල් වංශයේ ඉතිරි ව සිටින සියල්ලෙනි, ඔබගේ උපතටත් පළමු, මා විසින් උසුලාගෙන ගිය ඔබ මවු කුස පටන් මම ඔබ ගෙන ආවෙමි. ඔබගේ මහලු විය දක්වාත්, මම උන්වහන්සේ ය; ඔබගේ කෙස් පැසුණු කල්හිත්, මම ඔබ දරන්නෙමි. මම ඔබ සෑදුවෙමි; මම ඔබ උසුලාගෙන යන්නෙමි. මම ඔබ දරන්නෙමි; මම ඔබ මුදන්නෙමි.