යෙසායා 44
44
තෝරාගන්නාලද්දෝ
1“එහෙත් දැන්, එම්බා යාකොබ්, මගේ සේවකය,
මා තෝරාගත් ඉශ්රායෙල්, සවන් දෙන්න.
2ඔබ තැනූ, මවු කුස තුළ ඔබ නිම වූ,
ඔබට උපකාර කරන තැනැන්වහන්සේ වන
ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
භය නො වන්න, එම්බා යාකොබ්, මගේ සේවකය,
මා තෝරාගත් යෙෂුරූන්#44:2 යෙෂුරූන් එනම් ඉශ්රායෙල් හඳුන්වන කාව්‍යමය නාමයකි..
3මන්ද පිපාසිත දේශය මත මම ජලය වගුරුවමි.
වියළි බිම මත දිය පාරවල් වගුරුවමි.
ඔබේ දරු පරපුර මත මම මගේ ආත්මයාණන් වගුරුවමි.
තවද මගේ ආශිර්වාදය ඔබෙන් පැවත එන්නන් මත ය.
4තණ පිටියක තෘණ මෙන් ද
ගලා යන දිය පහරවල් ළඟ පොප්ලර් ගස් මෙන් ද ඔවුන් පැන නගිනු ඇත.
5‘මා ස්වාමින්වහන්සේට අයිති යැ’ යි කෙනකු කියනු ඇත.
තවත් කෙනකු යාකොබ් නාමයෙන් තමන් හඳුන්වා දෙනු ඇත.
‘ස්වාමින්වහන්සේගේ යැ’ යි තවත් කෙනකු තම අතෙහි ලියාගෙන,
ඉශ්රායෙල් නාමය පවරාගනු ඇත.
මා හැර වෙන දෙවි කෙනෙක් නැත
6“ස්වාමින්වහන්සේ, ඉශ්‍රායෙල්ගේ රජ්ජුරුවන් ද ඔහුගේ මිදුම්කරුවාණන් ද වන
සේනාංකවල ස්වාමින්වහන්සේ, මෙසේ කියන සේක:
පළමු වැන්නා මම ය. අන්තිමයා ද මම ය.
මා හැර, අන් දෙවියන්වහන්සේ කෙනකු නැත.
7මා හා සමාන කවුරු ද? ඔහු එය ප්‍රකාශ කරත්වා!
මම මගේ පුරාණ සෙනඟ පිහිටෙවූ දා සිට සිදු වූ දෑ
ඔහු ප්‍රකාශ කර, මා ඉදිරියෙහි ගෙන හැර පාත්වා!
මතු කවරක් සිදු වේ ද යන්න ඔවුහු අපට කියත්වා!
මතු මොනවා වේ දැයි ඔහු අපට පවසත්වා!
8භය නො වන්න. තැති නො ගන්න;
බොහෝ ඉහත පටන් මම මෙය නො කීවෙම් ද? ඔබට ප්‍රකාශ නො කළෙම් ද?
මගේ සාක්ෂිකරුවෝ ඔබයි. මා මිස අන් දෙවියන්වහන්සේ කෙනකු වේ ද?
අන් පර්වතයාණන් කෙනකු නැත. එවන් එක් කෙනකු ගැනවත් මම නො දනිමි.”
9දේව රූප හදන සියල්ලෝ හිස්කමකි.
ඔවුන් ප්‍රමෝදවත් කෙරෙන දෑ තුළ ලාභ ප්‍රයෝජනයක් නැත.
ඔවුන් ලජ්ජාවට පත්වීම ගැන ඔවුන්ගේ සාක්ෂිකරුවනට
කිසිවක් නො පෙනේ. නො දැනේ.
10තමන්ට කිසිදු ප්‍රයෝජනයක් සැලසිය නො හැකි දේව රූපයක් හැඩ ගන්වා,
පිළිමයක් වාත්තු කරන්නේ කවරෙක් ද?
11ඔන්න! එහි සියලු හවුල්කරුවෝ ලජ්ජාවට පමුණුවනු ලබති.
පිළිම-ශිල්පීන් හුදෙක් මිනිසුන් පමණි.
ඔවුහු සියල්ලෝ එක් රැස් වී, පෙරට එත්වා!
ඔවුහු භීතියටත්, අපකීර්තියටත් පමුණුවනු ලබති.
12කම්මල්කරුවා කැපුම් ආයුධයක් ගෙන,
ගිනි අඟුරු මත වැඩ කරයි.
ඔහු මිටියෙන් තලා, හැඩ ගස්වා,
තම බාහුවේ සවියෙන් තලයි.
ඔහුට කුස ගිනි වෙයි. ඔහුගේ ශක්තිය හීන වෙයි.
ඔහු වතුර නො බී, ක්ලාන්තයට පත් වෙයි.
13වඩුවා කෝදුවෙන් මැන,
සැකිල්ල අඳින කටුවකින් සටහන් කර ගනී.
ඔහු එය නියනෙන් කපා,
කවකටුවෙන් සලකුණු කරයි.
නිවසක වාසය පිණිස
ඔහු මිනිසකුගේ ස්වරූපයෙන්
මිනිස් ශෝභනත්වයෙන් රූපයක් හැඩ ගස්වයි.
14ඔහු දේවදාර ගස් කපා ගනියි.
නැතහොත්, සයිප්‍රස් ගසක් හෝ ආලෝන් ගසක් හෝ තෝරා ගෙන,
වනයේ ගස් අතරේ එය වැවෙන්නට හරියි.
එසේ නැතහොත් පයින් ගසක් සිටුවයි. වැස්ස එය වැඩෙන්නට සලසයි.
15ඒවා මිනිසකුට ගිනි දල්වන ඉන්ධන වෙයි.
ඔහු එයින් කොටසක් ගෙන, උණුසුම් වීමට යොදා ගනී.
ඔහු ගිනි දල්වා, රොටි පුලුස්සා ගනී.
ඔහු එයින් දෙවියකුත් තනා, වැඳුම් පිදුම් කරයි;
දේව පිළිමයක් තනා, එය නමදිමින්, වැඳ වැටෙයි.
16දැවවලින් අඩක් ඔහු ගින්නෙහි දවයි.
ඒ ගිනි මත ඔහු තම ආහාර පිළියෙල කර ගනියි.
ඔහු මස් පිස, කුස පුරා අනුභව කරයි.
ඔහු ගිනි තැප, උණුසුම් වී,
“අහා මට උණුසුම දැනේ. මට ගිනි දළු පෙනේ” යි කියයි.
17දැවයේ ඉතිරි කොටසින් ඔහු දෙවියකු කොට තම දේව පිළිමය තනා ගනියි.
ඔහු ඊට වැඳ වැටෙමින්, නමදියි.
ඔහු ඊට යදිමින්,
“මා මුදනු මැනවි, මගේ දෙවියා ඔබ යැ” යි කියයි.
18ඔවුන් කිසිවක් දන්නේ නැත. ඔවුන්ට කිසිවක් වැටහෙන්නේ නැත.
මන්ද ඔවුනට දකින්නට නො හැකි වන ලෙස ඔවුන්ගේ නෙත් වසා ඇත.
ඔවුනට වටහා ගත නො හැකි ලෙස ඔවුන්ගේ මනස් වසා ඇත.
19කිසි කෙනකු සිතා බලන්නේ නැත.
“කොටසක් මම දර පිණිස යෙදුවෙමි.
එහි ගිනි අඟුරු මත මම රොටි පිලිස්සීමි.
මම මස් පිසගෙන, කෑවෙමි.
ඉතිරි ලී කොටසින්, මෙවන් පිළිකුලක් තනා ගැනීම මට යුතු ද?
ලී කොටයකට මා වැඳ වැටිය යුතු දැ?” යි පවසන්නට
කිසිවකුටත් දැනගැන්මක් නැත; වැටහීමක් නැත.
20ඔහු අළුවලින් පෝෂ්‍ය වන්නා වැන්න. මායාකාරී හදක්, ඔහු මුළා කරයි.
තමා ම ගලවා ගන්නට ඔහුට නො හැකි ය.
“මගේ දකුණතේ තිබෙන්නේ බොරුවක් නො වේ දැ?” යි අසන්නටත් ඔහුට නො හැකි ය.
21“මේ දෑ සිහි කරන්න. එම්බා යාකොබ්,
එම්බා ඉශ්රායෙල්, මන්ද ඔබ මගේ සේවකයා ය.
එම්බා ඉශ්රායෙල්, මම ඔබ සෑදීමි. ඔබ මගේ සේවකයා ය.
මවිසින් ඔබ අමතක කරනු ලබන්නේ නැත.
22මම ඔබේ අපරාධ වලාකුළක් මෙන් ද
ඔබේ පාප මී-දුම මෙන් ද පහ කර දැමුවෙමි.
මා වෙත ආපසු එන්න.
මම ඔබ මුදා ගත්තෙමි.”
23එම්බා ස්වර්ගයෙනි, ගී ගයන්න. මන්ද ස්වාමින්වහන්සේ මේ දේ කළ සේක.
ඝෝෂා කරන්න. එම්බා පොළෝ ගැඹුරෙනි,
එම්බා කඳුකරයෙනි, වනාන්තරයෙනි,
සියලු වෘක්ෂලතාවනි, ගී රාව නගන්න.
මන්ද යාකොබ් මිදූ ස්වාමින්වහන්සේ
ඉශ්රායෙල්හි තේජසට පත් කෙරේ.
යෙරුසලමේ පදිංචිය
24මව් කුසයේ ඔබ හැඩගැන් වූ, ඔබේ ගැලවුම්කරු වූ
ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“මේ සියලු දේ සෑදූ
ස්වාමින්වහන්සේ
අහස් කුස තනි ව දිග හළ තැනැත්තාණන්,
පොළෝ තලය ඇතුරූ තැනැත්තාණන් මම ය.
25බොරුකරුවන්ගේ නිමිති ව්‍යර්ථ කරන්නේත්,
පේන කියන්නන් මෝඩයින් කරවන්නේත් මා ය.
පණ්ඩිතයින් ආපස්සට හරවා,
ඔවුන්ගේ දැනුම මොට කරන්නේත්,
26මගේ සේවකයින්ගේ වචන ස්ථිර කරන්නේත්,
මගේ පණිවුඩකරුවන්ගේ උපදේශන ඉටු කරන්නේත්,
“යෙරුසලම ගැන, ‘එය ජනාවාස වේ’ ය කියන්නේත්,
යූදා නගර ගැන, ‘ඒවා ගොඩ නගනු ලැබේ’ ය කියන්නේත්,
ඒවායේ නටබුන් ‘යළි පිළිසකර කෙරේ’ ය කියන්නේත්,
27දිය පිරි ගැඹුර අමතා, ‘සිඳී යන්න.
මම ඔබේ දිය පාරවල් වියළවන්නෙමි’ යි කියන්නේත්,
28කෝරෙෂ් ගැන, ‘මගේ එඬේරා ඔහු’ ය.
මගේ අරමුණු සියල්ල ඔහු ඉටු කරනු ඇත.
යෙරුසලම ගැන, ඔහු, ‘එය යළි ගොඩ නැගේවා’ කියා ද
දේව මාලිගය ගැන, ‘එහි අත්තිවාරම් දමනු ලැබේවා’ කියා ද කියනු ඇතැයි කියන්නේත් මම ය.”
Currently Selected:
යෙසායා 44: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: