යෙසායා 44:6-8
යෙසායා 44:6-8 SCV
“ස්වාමින්වහන්සේ, ඉශ්‍රායෙල්ගේ රජ්ජුරුවන් ද ඔහුගේ මිදුම්කරුවාණන් ද වන සේනාංකවල ස්වාමින්වහන්සේ, මෙසේ කියන සේක: පළමු වැන්නා මම ය. අන්තිමයා ද මම ය. මා හැර, අන් දෙවියන්වහන්සේ කෙනකු නැත. මා හා සමාන කවුරු ද? ඔහු එය ප්‍රකාශ කරත්වා! මම මගේ පුරාණ සෙනඟ පිහිටෙවූ දා සිට සිදු වූ දෑ ඔහු ප්‍රකාශ කර, මා ඉදිරියෙහි ගෙන හැර පාත්වා! මතු කවරක් සිදු වේ ද යන්න ඔවුහු අපට කියත්වා! මතු මොනවා වේ දැයි ඔහු අපට පවසත්වා! භය නො වන්න. තැති නො ගන්න; බොහෝ ඉහත පටන් මම මෙය නො කීවෙම් ද? ඔබට ප්‍රකාශ නො කළෙම් ද? මගේ සාක්ෂිකරුවෝ ඔබයි. මා මිස අන් දෙවියන්වහන්සේ කෙනකු වේ ද? අන් පර්වතයාණන් කෙනකු නැත. එවන් එක් කෙනකු ගැනවත් මම නො දනිමි.”





