YouVersion Logo
Search Icon

යෙසායා 44:17-20

යෙසායා 44:17-20 SCV

දැවයේ ඉතිරි කොටසින් ඔහු දෙවියකු කොට තම දේව පිළිමය තනා ගනියි. ඔහු ඊට වැඳ වැටෙමින්, නමදියි. ඔහු ඊට යදිමින්, “මා මුදනු මැනවි, මගේ දෙවියා ඔබ යැ” යි කියයි. ඔවුන් කිසිවක් දන්නේ නැත. ඔවුන්ට කිසිවක් වැටහෙන්නේ නැත. මන්ද ඔවුනට දකින්නට නො හැකි වන ලෙස ඔවුන්ගේ නෙත් වසා ඇත. ඔවුනට වටහා ගත නො හැකි ලෙස ඔවුන්ගේ මනස් වසා ඇත. කිසි කෙනකු සිතා බලන්නේ නැත. “කොටසක් මම දර පිණිස යෙදුවෙමි. එහි ගිනි අඟුරු මත මම රොටි පිලිස්සීමි. මම මස් පිසගෙන, කෑවෙමි. ඉතිරි ලී කොටසින්, මෙවන් පිළිකුලක් තනා ගැනීම මට යුතු ද? ලී කොටයකට මා වැඳ වැටිය යුතු දැ?” යි පවසන්නට කිසිවකුටත් දැනගැන්මක් නැත; වැටහීමක් නැත. ඔහු අළුවලින් පෝෂ්‍ය වන්නා වැන්න. මායාකාරී හදක්, ඔහු මුළා කරයි. තමා ම ගලවා ගන්නට ඔහුට නො හැකි ය. “මගේ දකුණතේ තිබෙන්නේ බොරුවක් නො වේ දැ?” යි අසන්නටත් ඔහුට නො හැකි ය.

Free Reading Plans and Devotionals related to යෙසායා 44:17-20