YouVersion Logo
Search Icon

යෙසායා 44:14-17

යෙසායා 44:14-17 SCV

ඔහු දේවදාර ගස් කපා ගනියි. නැතහොත්, සයිප්‍රස් ගසක් හෝ ආලෝන් ගසක් හෝ තෝරා ගෙන, වනයේ ගස් අතරේ එය වැවෙන්නට හරියි. එසේ නැතහොත් පයින් ගසක් සිටුවයි. වැස්ස එය වැඩෙන්නට සලසයි. ඒවා මිනිසකුට ගිනි දල්වන ඉන්ධන වෙයි. ඔහු එයින් කොටසක් ගෙන, උණුසුම් වීමට යොදා ගනී. ඔහු ගිනි දල්වා, රොටි පුලුස්සා ගනී. ඔහු එයින් දෙවියකුත් තනා, වැඳුම් පිදුම් කරයි; දේව පිළිමයක් තනා, එය නමදිමින්, වැඳ වැටෙයි. දැවවලින් අඩක් ඔහු ගින්නෙහි දවයි. ඒ ගිනි මත ඔහු තම ආහාර පිළියෙල කර ගනියි. ඔහු මස් පිස, කුස පුරා අනුභව කරයි. ඔහු ගිනි තැප, උණුසුම් වී, “අහා මට උණුසුම දැනේ. මට ගිනි දළු පෙනේ” යි කියයි. දැවයේ ඉතිරි කොටසින් ඔහු දෙවියකු කොට තම දේව පිළිමය තනා ගනියි. ඔහු ඊට වැඳ වැටෙමින්, නමදියි. ඔහු ඊට යදිමින්, “මා මුදනු මැනවි, මගේ දෙවියා ඔබ යැ” යි කියයි.

Free Reading Plans and Devotionals related to යෙසායා 44:14-17