YouVersion Logo
Search Icon

යෙසායා 43:8-13

යෙසායා 43:8-13 SCV

ඇස් තිබෙන එහෙත් අන්ධ, කන් තිබෙන එහෙත් බිහිරි ජනයා පිටතට ගෙනෙන්න. සියලු ජාතීහු එකට එක් රැස් වෙත්වා! ජනතාවෝ එක් රොක් වෙත්වා! කල් මත්තෙන් මේ ගැන කීවේත්, පූර්ව දේවල් අපට පෙන්වූයේත් ඔවුන් අතරින් කවුරු ද? “එය සත්‍ය යැ” යි කියනු හැකි වන පිණිස, තම නිවැරදි භාවය ඔප්පු කිරීමට ඔවුහු තම සාක්ෂිකරුවන් ගෙන එත්වා! “මගේ සාක්ෂිකරුවෝ ඔබ යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ඔබ මා හැඳින, මා විශ්වාස කොට, උන්වහන්සේ මා වග වටහා ගන්න පිණිස, මා තෝරාගත් මගේ සේවකයාත් ඔබ ය. මට පෙරටුව කිසිදු දෙවි කෙනකු සැදුම් ලද්දේ නැත. මගෙන් පසුව මතු ඇති වන්නේ ද නැත. ස්වාමින්වහන්සේ මම ය. මම ම ය. මා හැර, අන් ගැලවුම්කරුවෙක් නැත. මම හෙළි කළෙමි; ගැලවීමි; ප්‍රකාශ කළෙමි. මා මිස ඔබ අතරෙහි අන් විදෙස් දෙවියකු නො වේ. මගේ සාක්ෂිකරුවෝ ඔබ යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “දෙවියන්වහන්සේ මම ය. තවද මතු ද උන්වහන්සේ මම ය. මගේ අතින් මුදා ගත හැකි කෙනෙක් නැත. මම ක්‍රියා කරමි. එය වෙනස් කළ හැක්කේ කවරකුට ද?”

Free Reading Plans and Devotionals related to යෙසායා 43:8-13