යෙසායා 43:25-28
යෙසායා 43:25-28 SCV
“මම, සැබවින් ම මම, ඔබේ නොපනත්කම්, මා නිසා ම මකා දමන තැනැන්වහන්සේ ය; ඔබේ පාප ද තවදුරටත් මා මතක් කරන්නේ නැත. මට සිහි කරවන්න. අපි එක් ව තර්ක කරමු. ඔබේ නිදොස් බව ඔප්පු කරන්නට කරුණු ඉදිරිපත් කරන්න. ඔබේ මුල් පියා පව් කළේ ය. ඔබේ නියෝජිතයෝ මට එරෙහිව මගේ නීති උල්ලංඝන කළහ. එබැවින් ඔබේ ශුද්ධස්ථානයේ අධිපතීන් මම දූෂ්‍ය කරන්නෙමි. යාකොබ් වංශය විනාශයේ ද ඉශ්‍රායෙල් ජාතිය නිග්‍රහයේ ද ඉරණමට කැප කරන්නෙමි.





