YouVersion Logo
Search Icon

යෙසායා 43:22-28

යෙසායා 43:22-28 SCV

“එහෙත් එම්බා යාකොබ්, නුඹ මෙතෙක් මට හඬ ගැසුවේ නැත. එම්බා ඉශ්‍රායෙල්, ඔබ මා ගැන වෙහෙසට පත් ව ඇත. දවන යාග පූජා සඳහා මා වෙත නුඹ බැටළුවන් ගෙන ආවේ නැත. ඔබගේ පුද පූජා මගින් මට ගෞරව කළේ නැත. ධාන්‍ය පූජා සඳහා මා ඔබට බර පැටවූයේ නැත. සුවඳ දුම් පූජා සඳහා මා ඔබට බල කෙරුවේ ද නැත. මා උදෙසා නුඹ සුවඳ දඬු මිලයට ගත්තේ නැත. ඔබගේ යාග පූජාවල මේදයෙන්, මා තෘප්තියට පත් කළේ ද නැත. එහෙත් ඔබගේ පව්වලින් ඔබ මට බර පටවා, ඔබගේ අයුතුකම්වලින් මා වෙහෙසවා ඇත. “මම, සැබවින් ම මම, ඔබේ නොපනත්කම්, මා නිසා ම මකා දමන තැනැන්වහන්සේ ය; ඔබේ පාප ද තවදුරටත් මා මතක් කරන්නේ නැත. මට සිහි කරවන්න. අපි එක් ව තර්ක කරමු. ඔබේ නිදොස් බව ඔප්පු කරන්නට කරුණු ඉදිරිපත් කරන්න. ඔබේ මුල් පියා පව් කළේ ය. ඔබේ නියෝජිතයෝ මට එරෙහිව මගේ නීති උල්ලංඝන කළහ. එබැවින් ඔබේ ශුද්ධස්ථානයේ අධිපතීන් මම දූෂ්‍ය කරන්නෙමි. යාකොබ් වංශය විනාශයේ ද ඉශ්‍රායෙල් ජාතිය නිග්‍රහයේ ද ඉරණමට කැප කරන්නෙමි.

Free Reading Plans and Devotionals related to යෙසායා 43:22-28