යෙසායා 42
42
ස්වාමින්වහන්සේගේ සේවකයා
1“මෙන්න! මවිසින් උසුලන මගේ සේවකයා,
මගේ ජීවය ප්‍රමෝද කරවන මවිසින් තෝරාගත් තැනැත්තා;
මම ඔහු පිට මගේ ආත්මයාණන් තබමි.
ඔහු, ජාතීනට යුක්තිය ගෙනෙනු ඇත.
2ඔහු හඬ නගා මොර ගසන්නේවත්, කටහඬ අවදි කරන්නේවත් නැත.
වීථිවලදී එය ඇසෙන්නට සලස්වන්නේ ද නැත.
3ඔහු තැළුණු බට දණ්ඩක් කඩන්නේවත්,
දුම් නගින පහන් තිරයක් නිවන්නේවත් නැත.
විශ්වාසවන්ත ව ඔහු යුක්තිය ඉටු කරනු ඇත.
4තමන් මිහි පිට යුක්තිය පිහිටු වන තුරු,
ඔහු නො පැකිළෙයි; පසුබට නො වෙයි.
මුහුදු දූපත් ඔහුගේ උපදෙස් ගැන බලාපොරොත්තු තබනු ඇත.”
5දෙවියන්වහන්සේ, අහස් තල මවා, ඒවා ඇතුරූ තැනැන්වහන්සේ,
පොළොවත් එයින් හට ගැනෙන සියල්ලත් විහිදා හළ තැනැන්වහන්සේ,
ඒ මත වූ ජනයාට හුස්මත්,
ඒ මත ඇවිදින්නන්ට ආත්මයත් දෙන
ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
6“ස්වාමින්වහන්සේ මම ය. මම දමිටුකමින් ඔබ කැඳවීමි.
මම ඔබේ අත අල්ලා ගනිමි. මම ඔබ තබා ගනිමි.
ජනතාව සඳහා ගිවිසුමක් වශයෙන් හා
ජාතීන් සඳහා එළියක් වශයෙන්
මා ඔබ දෙන්නේ,
7අන්ධයින්ගේ ඇස් විවර කරන්නටත්,
සිර ගෙයි සිටින සිරකරුවන්
අන්ධකාරයේ හිඳ සිටින හිරගෙයින් පිටතට ගෙන ඒමටත් ය.
8“මම ස්වාමින්වහන්සේ ය. මගේ නාමය එයයි.
මගේ ගෞරව-මහිමය, මම අන් කෙනකුට නො දෙමි.
මට හිමි ප්‍රශංසාව පිළිමවලට නො දෙමි.
9බලනු! ඉස්සර දෑ පහ වී යයි.
අලුත් දේවල් මම දැන් ප්‍රකාශ කරමි.
ඒවා සිදු වන්නට පළමු,
මම ඒවා ඔබට කියමි.”
අලුත් ගීයක්
10පොළොවේ ඈත සීමා වෙත සිට උන්වහන්සේගේ ප්රශංසාවන් ගැන
ස්වාමින්වහන්සේට අලුත් ගීයක් ගායනා කරන්න.
මුහුදු යන, එය පුරවන සියල්ලෙනි,
මුහුදු දූපත් හා ඒවායේ වෙසෙන්නෙනි,
11පාළුකරය හා එහි ඇති නගර,
කේදාර්වරුන් වෙසෙන ගම්මාන තමන්ගේ කටහඬින් උස් හඬ නගත්වා!
සෙලාහි වාසය කරන්නන් ප්‍රීතියෙන් ගී ගයත්වා!
ඔවුහු කඳු මුදුන්හි සිට කෑ ගසත්වා!
12ඔවුහු ස්වාමින්වහන්සේට ගෞරව මහිම දෙමින්,
උන්වහන්සේගේ ප්‍රශංසාව මුහුදු දිවයින් තුළ ප්‍රකාශ කරත්වා!
13 ස්වාමින්වහන්සේ යුද බලවතකු සේ, පිටතට යන සේක.
සටන්කරුවකු සේ, තම උද්වේගය පුබුදන සේක.
උන්වහන්සේ මොර ගසන සේක. රණ හඬ නංවන සේක්,
උන්වහන්සේගේ සතුරනට එරෙහිව තම පරාක්‍රමය පෙන්වන සේක.
14මන්ද දිගු කලක් මම මගේ සාමය දරා සිටියෙමි.
මම නිසොල්මන් ව, මා මැඩපවත්වා ගනිමින් සිටියෙමි.
එහෙත් දැන්, කාන්තාවක තම දරු ප්‍රසුතියේදී මෙන්, කෑ මොර දෙමි;
අපහසුවෙන් හුස්ම ගනිමි; හති දමමි.
15කඳු හා හෙල් මම පාළුවට යවන්නෙමි.
එහි ගහ කොළ මම වියළවා දමන්නෙමි.
මම ගංගා, දූපත් බවට හරවා,
දිය පොකුණු හින්දවා දමන්නෙමි.
16ඔවුන් නො දන්නා මාර්ගයකින් මම අන්ධයින් කැඳවාගෙන යන්නෙමි.
නුහුරු නුපුරුදු මාවත්හි මම ඔවුන්ට මග පෙන්වන්නෙමි.
මම අන්ධකාරය ඔවුන් ඉදිරියෙහි ආලෝක කර,
රළු තැන් සුමුදු කරන්නෙමි.
මා කරන දෑ මේවායි;
මා ඔවුන් අත්හරින්නේ නැත.
17එහෙත්, වාත්තු පිළිම තුළ විශ්වාසය තබන,
“මගේ දෙවියො ඔබ යැ” යි ලෝහ පිළිමවලට කියන අය
ඉමහත් ලජ්ජාවෙන් ආපස්සට හරවනු ලබති.
අන්ධ බිහිරි ඉශ්රායෙල්
18“බිහිරනි, සවන් දෙන්න;
අන්ධයිනි, නුඹලාට පෙනෙන පිණිස බලන්න.
19කවුරු ද අන්ධ මගේ මෙහෙකරුවා මිස?
කවුරු ද බිහිරි මා යැවූ පණිවුඩකරුවා ලෙස?
කවුරු ද අන්ධ මට කැප වූ තැනැත්තා සේ?
කවුරු ද අන්ධ ස්වාමින්වහන්සේගේ සේවකයා සේ?
20ඔබ බොහෝ දෑ දකී. එහෙත් ඒවා නිරීක්ෂණ කරන්නේ නැත.
ඔබගේ සවන් ඇරී ඇත. එහෙත් ඔබට ඇසෙන්නේ නැත.”
21ස්වකීය ධර්මිෂ්ඨකම උදෙසා
ස්වකීය ව්‍යවස්ථාව විශිෂ්ට හා මහිමාන්විත කිරීම
ස්වාමින්වහන්සේගේ මනාපය විය.
22එහෙත් මේ ජාතිය පැහැර ගනු ලබති. කොල්ලකනු ලබති.
ඔවුහු සැවොම වළවල්වල උගුලට හසු වී,
සිර ගෙවල සඟවනු ලැබ සිටිති,
ගලවා ගැනීමට කිසිවකු නැතිව,
නැවත පිහිටවනු ලැබීමට කිසිවකු නැතිව,
ඔවුහු කොල්ලයට හසු වී සිටිති.
23නුඹලා අතරින් මීට සවන් දෙන්නේ කවුරු ද?
මතු එළඹෙන කාලයට මනා අවධානය යොමා, සවන් දෙන්නේ කවුරු ද?
24යාකොබ් වංශය කොල්ලකෑමටත්,
ඉශ්රායෙල් ජනයා පැහැර ගනු ලැබීමටත් ලක් කළේ කවුරු ද?
ස්වාමින්වහන්සේ ම නො වේ ද?
උන්වහන්සේට එරෙහිව අපි පව් කළෙමු.
මන්ද උන්වහන්සේගේ මාර්ග ඔවුන් අනුගමන කළේ නැත.
උන්වහන්සේගේ ව්‍යවස්ථාවට ඔවුන් කීකරු වූයේ නැත.
25එබැවින් උන්වහන්සේ ඇවිළෙන තම කෝපය හා
යුද්ධයේ ප්‍රබලත්වය ඔවුන් පිට වැගුරූ සේක.
ඔහු වටකර ගිනි ඇවිළිණි. එහෙත් ඔහු වටහා ගත්තේ නැත.
එමඟින් ඔහු දවා දැමිණ. එහෙත් ඔහු එය සිතට ගත්තේ නැත.
Currently Selected:
යෙසායා 42: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: