යෙසායා 42:10-12
යෙසායා 42:10-12 SCV
පොළොවේ ඈත සීමා වෙත සිට උන්වහන්සේගේ ප්‍රශංසාවන් ගැන ස්වාමින්වහන්සේට අලුත් ගීයක් ගායනා කරන්න. මුහුදු යන, එය පුරවන සියල්ලෙනි, මුහුදු දූපත් හා ඒවායේ වෙසෙන්නෙනි, පාළුකරය හා එහි ඇති නගර, කේදාර්වරුන් වෙසෙන ගම්මාන තමන්ගේ කටහඬින් උස් හඬ නගත්වා! සෙලාහි වාසය කරන්නන් ප්‍රීතියෙන් ගී ගයත්වා! ඔවුහු කඳු මුදුන්හි සිට කෑ ගසත්වා! ඔවුහු ස්වාමින්වහන්සේට ගෞරව මහිම දෙමින්, උන්වහන්සේගේ ප්‍රශංසාව මුහුදු දිවයින් තුළ ප්‍රකාශ කරත්වා!





