යෙසායා 42:1-4
යෙසායා 42:1-4 SCV
“මෙන්න! මවිසින් උසුලන මගේ සේවකයා, මගේ ජීවය ප්‍රමෝද කරවන මවිසින් තෝරාගත් තැනැත්තා; මම ඔහු පිට මගේ ආත්මයාණන් තබමි. ඔහු, ජාතීනට යුක්තිය ගෙනෙනු ඇත. ඔහු හඬ නගා මොර ගසන්නේවත්, කටහඬ අවදි කරන්නේවත් නැත. වීථිවලදී එය ඇසෙන්නට සලස්වන්නේ ද නැත. ඔහු තැළුණු බට දණ්ඩක් කඩන්නේවත්, දුම් නගින පහන් තිරයක් නිවන්නේවත් නැත. විශ්වාසවන්ත ව ඔහු යුක්තිය ඉටු කරනු ඇත. තමන් මිහි පිට යුක්තිය පිහිටු වන තුරු, ඔහු නො පැකිළෙයි; පසුබට නො වෙයි. මුහුදු දූපත් ඔහුගේ උපදෙස් ගැන බලාපොරොත්තු තබනු ඇත.”





