YouVersion Logo
Search Icon

යෙසායා 41:21-24

යෙසායා 41:21-24 SCV

“ඔබේ නඩුව ඉදිරිපත් කරන්නැ” යි ස්වාමින්වහන්සේ කියන සේක. “ඔබේ තර්ක-සාධක ගෙන හැර පාන්නැ” යි යාකොබ්ගේ රජ්ජුරුවෝ කියන සේක. මතු සිදුවන දෑ අපට කියන්නට, ඔබේ පිළිම කැඳවාගෙන එන්න. පසුගිය දේවල් කෙලෙස විණි දැයි අපට කියන්න. එකල, ඒවා ගැන සිතා බලා, ඒවායේ අවසන් ප්‍රතිඵලය දැනගන්නට අපට හැකි වෙයි. නැතහොත් මතු සිදුවන දෑ, අපට ප්‍රකාශ කරන්න. අනාගතය ගැන අපට කියන්න. එවිට නුඹලා දෙවිවරුන් වග අපට දැනගත හැකි වෙයි. අප තැති ගැන්වී, භයින් පිරෙනු පිණිස, හොඳක් හෝ නරකක් හෝ යම් දෙයක් කරන්න. අහෝ නුඹලා නිෂ්ඵලකම ම ය. තවද නුඹලාගේ වැඩ හිස්කමටත් වඩා අඩු ය. නුඹලා තෝරාගත් අය කවුරු ද, ඔහු පිළිකුලකි.