යෙසායා 36
36
සෙනකෙරීබ්ගේ තර්ජනය
1හෙසකියා රජුගේ දහහතර වන වසරේ, අසිරියාවේ රජු වූ සෙනකෙරීබ් යූදාහි සියලු බළකොටු පුරවරවලට එරෙහිව අවුත්, ඒවා අල්ලා ගත්තේ ය. 2ඉන්පසු, අසිරියාවේ රජු මහත් සේනාවක් සමඟ ක්ෂේත්‍ර අණ දෙන්නා, ලාකීෂ් සිට යෙරුසලමේ හෙසකියා රජු වෙත යැවී ය. ඔහු අපුල්ලන්නන්ගේ පිටියට යන මාවතේ ඉහළ පොකුණේ දිය අගල අසල සිටගත් කල, 3හිල්කීයාගේ පුත් රජ මැදුරු පාලක එලියාකීම් ද ලේකම්වරයා වූ ෂෙබ්නා ද ආසාෆ්ගේ පුත් වාර්තාකාර යෝවා ද ඔහු වෙත පිටතට ගියහ.
4ක්ෂේත්‍ර අණ දෙන්නා ඔවුන්ට මෙසේ පැවසී ය: “හෙසකියාට මෙසේ කියනු:
“ ‘මහ රජතුමා වන අසිරියාවේ රජු මෙසේ කියයි: ඔබ, ඔබේ මෙම විශ්වාසය තබා ඇත්තේ කවර පදනමක් මත ද? 5යුද්ධ උපාය මාර්ග හා හමුදා ශක්තිය ඔබට ඇතැයි ඔබ කියයි. මට එරෙහිව නුඹ කැරලි ගසන්නේ කවුරු ගැන බලාපොරොත්තුවකින් ද? 6ඔන්න! ඔබ විශ්වාසය තබා ඇත්තේ පතුරු ගිය බට දඬු සැරයටියක් බඳු ඊජිප්තුව කෙරේ නො වේ ද? ඊට බර වන අයගේ අතේ පතුරු ඇනී, එයින් ඔහුගේ අත තුවාල වෙයි. තමන් කෙරේ විශ්වාසය තබන සියල්ලනට, ඊජිප්තුවේ රජු, පාරාවෝ එලෙස ම ය. 7“අප විශ්වාසය තබන්නේ අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෙරේ යැ” යි ඔබ මට කියත හැකි ය. එසේ නම් යූදා හා යෙරුසලම් වාසීන් අමතමින්, “මේ පූජාසනය ඉදිරියේ නුඹලා නමස්කාර කළ යුතු ය” කියමින්, හෙසකියා පහ කර දැමුවේ උන්වහන්සේගේ උස් තැන් පුදසුන් සහ පූජාසන නො වේ ද?
8“ ‘දැන් එන්න; මගේ ස්වාමි වූ අසිරියාවේ රජු සමඟ ගනුදෙනුවකට එළැඹෙන්න. අශ්වයින් දෙදහසක් මා ඔබට දෙන්නම්, උන් පිට නැගී යා හැකි අසරුවන් ඔබට සපයා ගන්නට හැකි නම්. 9යුධ රථ හා අසරුවන් සඳහා ඊජිප්තුව ගැන විශ්වාසය තබා සිටින ඔබ, මගේ ස්වාමියාගේ සේවකයින්ගෙන් ඉතා සුළු නිලධාරියකු වුව නෙරපා හරින්නේ කෙසේ ද? 10එපමණක් ද! මේ දේශයට එරෙහිව විනාශ කර දමන්නට මා ආවේ ස්වාමින්වහන්සේ නැතිව ද? මේ රටට එරෙහිව ඇවිත්, මෙය විනාශ කර දමන ලෙස මට කීවේ ස්වාමින්වහන්සේ ම යැ’ යි” පැවසී ය.
11එවිට එලියාකීම් ද ෂෙබ්නා ද යෝවා ද ක්ෂේත්‍ර අණ දෙන්නා ද අමතමින්, “ඔබේ සේවකයින් වන අපට, කරුණාකර අරාම් බසින් කතා කරන්න. එය අපට වැටහේ. පවුර මත සිටින ජනයාට ඇසෙන සේ යූදාහි බසින් අපට කතා නො කරන්නැ” යි ඉල්ලූහ.
12එහෙත් ක්ෂේත්‍ර අණ දෙන්නා පිළිතුරු දෙමින්, “මේ වචන පවසන්නට මගේ ස්වාමියා මා එවුවේ, නුඹලාගේ ස්වාමියා හා නුඹලා වෙතට පමණක් ද? නුඹලා මෙන් ම තමන්ගේ ම අශූචි කන්නට තමන්ගේ මුත්‍රා බොන්නට සිදුවන මේ පවුර මත හිඳින්නන් වෙතටත් නො වේ දැ?” යි පැවසී ය.
13ඉන්පසු නැගී සිටි ක්ෂේත්‍ර අණ දෙන්නා උස් හඬ නගා, යූදා බසින් කතා කරමින්, “අසිරියාවේ රජු වූ මහ රජ්ජුරුවන්ගේ වචනවලට සවන් දෙන්න. 14රජ්ජුරුවෝ මෙසේ කියයි: ඔබ රවටන්නට හෙසකියාට ඉඩ නො දෙන්න. ඔබ ගලවා ගන්නට ඔහුට බැරි ය. 15‘ස්වාමින්වහන්සේ සැබවින් ම අප ගලවනු ඇත. මේ නගරය අසිරියාවේ රජු අතට පාවා දෙනු ලබන්නේ නැත’ කියමින් ස්වාමින්වහන්සේ කෙරේ විශ්වාසය තැබීමට ඔබ රවටන්නට හෙසකියාට ඉඩ දෙන්න එපා.
16“හෙසකියාට කන් දෙන්න එපා. අසිරියාවේ රජු මෙසේ කියයි: මා හා සමාදාන වී, මා වෙත පිටතට එන්න. එවිට ඔබ හැම කෙනකුට තමාගේ ම මිදි වැලෙන් හා අත්තික්කා ගසින් භුක්ති විඳින්නටත්, තමාගේ ම ළිඳෙන් බොන්නටත්, 17මා අවුත්, ඔබේ ම දේශය හා සමාන දේශයකට, ධාන්‍ය හා අලුත් මිදි යුෂ ඇති දේශයකට, ආහාර හා මිදි වතු ඇති දේශයකට ඔබ ගෙන යන තුරු ඔබට හැකි වෙයි.
18“ ‘ස්වාමින්වහන්සේ අප ගලවනු ඇත’ කියමින් ඔබ මුළා කරන්නට හෙසකියාට ඉඩ නො දෙන්නට පරෙස්සම් වන්න. කවර ජාතියකගේ හෝ දෙවියකු අසිරියාවේ රජු අතින් කෙදිනකවත් තම රට ගලවා ගත්තා ද? 19හමාත්හි හා අර්පාද්හි දෙවිවරුන් කොහේ ද? සෙෆර්වයිම්හි දෙවිවරුන් කොහේ ද? ඔවුහු මගේ අතින් සමාරිය මුදා ගත්තෝ ද? 20මගේ අතින් තම දේශය මුදා ගැනීමට හැකි වූයේ මෙම රටවල දෙවිවරුන් සියල්ලන් අතරින් කවරකුට ද? එසේ නම්, මා අතින් යෙරුසලම බේරා ගැනීමට ස්වාමින්වහන්සේට හැකි වන්නේ කෙසේ දැ?” යි ඇසී ය.
21එහෙත්, ජනයා නිහඬ ව සිටියෝ, පිළිතුරු වශයෙන් කිසිවක් නො පැවසූහ. මන්ද, “ඔහුට පිළිතුරු නො දෙනු” යි රජු ආඥා කොට තිබිණි.
22එකල හිල්කීයාගේ පුත්, රජ මැදුරු පාලක එලියාකීම් ද ලේකම්වරයා වූ ෂෙබ්නා ද ආසාෆ්ගේ පුතු වූ වාර්තාකරු යෝවා ද තමන්ගේ හැඳිවත් ඉරාගෙන, හෙසකියා වෙත ගොස්, අසිරියාවේ ක්ෂේත්‍ර අණ දෙන්නා පැවසූ දෑ ඔහුට සැල කළහ.
Currently Selected:
යෙසායා 36: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: