යෙසායා 17
17
දමස්කයට එරෙහිව
1දමස්කය පිළිබඳ දිව්‍ය ප්‍රකාශනයකි.
“බලනු! දමස්කය පුරවරයක් ව තිබීම නවතිනු ඇත.
එය සුන්බුන් ගොඩක් බවට පත් වනු ඇත.
2අරෝයෙර් පුරවර ජනශූන්‍ය වී යනු ඇත.
ඒවා, එළු බැටළු රංචුවලට ය.
කිසිවකුගෙන් බියක් නැතිව උන් එහි ලගිනු ඇත.
3එප්‍රායිම් වෙතින් බළකොටු නගරය ද
දමස්කය වෙතින් රාජ්‍යය ද පහව යනු ඇත.
අරාම්හි ඉතිරි ස්වල්ප දෙනා,
ඉශ්‍රායෙල්ගේ තේජස මෙන් වනු ඇතැ” යි
සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
4“ඒ දවසේ යාකොබ්ගේ තේජස හීන කරවනු ඇත.
ඔහුගේ සිරුරේ පුෂ්ටිමත්භාවය කෙසඟ ව යයි.
5ඒ, ගොයම් නෙළන්නකු, ගොයම් මිටක් එකතු කර,
කරල් නෙළාගන්නා කලෙක පරිද්දෙනි.
රෙෆායිවරුන්ගේ මිටියාවතෙහි, වැටී ඉතිරි ව තිබූ ධාන්‍ය කරල්
කෙනකු අහුලන කලෙක පරිද්දෙනි.
6එහෙත් ටික දෙනෙක් එහි ඉතිරි වනු ඇත
මෙසේ වන්නේ, ඔලීව ගසක් සොලවනු ලැබූ කල,
ඉහළ අතුවල ගෙඩි දෙක තුනක් ද
සරු අතුවල ගෙඩි හතර-පහක් ද ඉතිරි වන ලෙස යැ” යි
ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
7ඒ දවසේ මිනිසුන් තම මැවුම්කරුවාණන් දෙස අවධානය යොමනු ඇත;
ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ වෙත තම නෙත් යොමනු ඇත.
8තම අත්කම් වන පූජාසන දෙස ඔහු බලන්නේ නැත.
තම අතැඟිලිවලින් තැනූ අෂේරා කණු හා සුවඳ දුම් පූජාසන දෙස
ඔහු තවත් බලන්නේ නැත.
9ඒ දවසේ ඔවුන්ගේ ප්‍රබල පුර නගර, ඉශ්‍රායෙල්වරුන් නිසා පාළුවට හැර දැමූ වන-ගැවසි උස් කඳු හා කඳු ගැට මෙන් වනු ඇත. ඒවා පාළුවට යනු ඇත.
10මන්ද ඔබ, ඔබේ ගැලවුම්කරුවාණන් වූ දෙවියන්වහන්සේ අමතක කර,
ඔබේ බළකොටුව වූ පර්වතයාණන් සිහිපත් කොට නැත.
එබැවින් ඉතා අනගි පැළ ඔබ සිටවූවත්,
පිටරටින් ගෙනා මිදි වැල් පැළ කළත්,
11ඔබ ඒවා සිටෙවූ දිනයේ ම ඔබ ඒවා වැඩෙන්නට සලස්වා,
ඒවා පැළ කළ උදයේ ම ඒවායේ මල් පිපෙන්නට සැලැසුවත්,
රෝ-දුක් හා අසාධ්‍ය වේදනා දවසේ
අස්වැන්න ඔබ වෙතින් පලා යනු ඇත.
12අහා! බොහෝ ජාතීන්ගේ ගර්ජනාව!
ඔවුන් ගර්ජනා කරන්නේ සාගරයේ ගර්ජනාව පරිද්දෙනි.
අහා! ජනතාවන්ගේ ඝෝෂාව!
ඔවුන් ඝෝෂා කරන්නේ මහ ජල කඳක ඝෝෂාවක් පරිද්දෙනි.
13කැලඹුණු ජල කඳක ඝෝෂාවක් සේ, ජනයා ඝෝෂා නැගුව ද,
උන්වහන්සේ තරවටු කළ විට, ඈතින් ඈතට ඔවුන් පලා දුවන්නේ,
කඳු මත පිදුරු-දහයියා, සුළං හමුවේ ගසා ගෙන යන පරිද්දෙනි;
සැඩ සුළං හමුවේ දූවිලි රොටු ගසා දිවෙන පරිද්දෙනි.
14සවස් කාලයේ ඔන්න හදිසි භීතිය!
පහන් වන්න පළමු ඔවුන් තවත් නැත.
අප කොල්ලකනවුන්ගේ උරුම කොටස එයයි;
අපේ දෑ පැහැරගන්නවුන්ගේ ඉරණම එයයි.
Currently Selected:
යෙසායා 17: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: