යෙසායා 15
15
මෝවබ් ගැන
1මෝවබ් පිළිබඳ දිව්‍ය ප්‍රකාශනයකි:
මෝවබ්හි ආර් පුරය, විනාශ කරන ලදුව,
එක් රැයකදී වැනසී ඇත.
මෝවබ්හි කීර් පුරවරය විනාශ කරන ලදුව,
එක් රැයකදී වැනසී ඇත.
2දීබොන් එහි දේවාලයට,
වැලපෙනු පිණිස උස් තැන් පුදසුන්වලට යයි.
නෙබෝ හා මෙදෙබා උදෙසා මෝවබ් විලාප දෙයි.
හැම හිසක් ම මුඩු කර,
හැම රැවුලක් ම කපා දමලා ය.
3වීදිවල ඔවුහු ගෝණි රෙදි හැඳ ගනිති.
ගෙපියසි මත හා පොදු පිට්ටනිවල
හැම කෙනෙක් ම හඬ හඬා
විලාප දෙමින් වැටෙති.
4හෙෂ්බෝන් හා එලෙයාලේ මොර හඬ දෙති.
ඔවුන්ගේ කටහඬ යහස් දක්වා තරම් දුරකට ඇසේ.
එබැවින්, අවි දරන මෝවබ් ජනයා මොර හඬ නගති.
ඔහුගේ ජීවය ගැහෙයි.
5මෝවබ් ගැන මගේ හදවත හඬා වැටේ.
බයින් පලායන්නෝ, සොවර් තරම් ඈතට,
එග්ලත්-ෂෙලිෂීයා වෙත පලා යති.
ඔවුහු ගමන් ගන්නා අතරේ, හඬමින්,
ලූහිත් වෙත වූ කඳු මාවතේ ඉහළට යති.
හෝරොනායිම් මාවතේදී
ඔවුහු තම විනාශය ගැන විලාප දෙති.
6නිම්රීම්හි ජලාශ පවා හිඳී ගොසිනි.
තණකොළ වියළී ඇත.
ශාක සන්තතිය නැති වී ගොස්,
හරිත වර්ණ කිසිවක් තවත් ඉතිරි ව නැත.
7එබැවින් ඔවුහු සපයා ගෙන තිබූ අධිකතාව, රැස් කර,
ගොඩ ගසා ගත් දෑ පොප්ලර් ගස් නිම්නය ඔස්සේ ඉවත ගෙන යති.
8මන්ද මෝවබ් දේශය ඔස්සේ හඬා වැටීමක් ඇසිණි.
ඇගේ ලතෝනිය, එග්ලයිම් තෙක් දුරට පැතිරේ.
ඔවුන්ගේ විලාපය, බෙයෙර්-ඒලිම් තෙක් දුරට පැතිරේ.
9දීමොන්හි ජලාශ ලෙයින් පිරී ඇත.
එහෙත් දීමොන් පිටට මම ඊටත් වැඩියෙන් පමුණුවමි.
මෝවබ් දේශය වෙතින් පලා යන්නන් මතටත්,
දේශයේ නැවතී සිටින්නන් මතටත් මම සිංහයකු පමුණු වන්නෙමි.
Currently Selected:
යෙසායා 15: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: