YouVersion Logo
Search Icon

යෙසායා 1:18-31

යෙසායා 1:18-31 SCV

“දැන් එන්න, අපි එක් වී, කතිකා කර ගනිමු” යි ස්වාමින්වහන්සේ කියන සේක. “ඔබේ පව් තද රත් පැහැ වැනි වුව ද, ඒවා හිම මෙන් සුදු වනු ඇත. ඒවා රතට රතේ තිබුණ ද, සුදු ලෝම මෙන් වනු ඇත. ඔබ කැමති වන්නේ නම්, කීකරු වන්නේ නම්, දේශයේ හොඳ ම දේ භුක්ති විඳිනු ඇත. එහෙත් ඔබ විරෝධය පා, කැරලි ගසන්නේ නම්, කඩු මුවහතට ඔබ ගොදුරු වනු ඇත.” මන්ද ස්වාමින්වහන්සේගේ ම මුවින් එසේ පවසා තියේ. විශ්වාසවන්ත පුරවරය වෙසඟනක් වූයේ කෙලෙස ද! වරක් යුක්තියෙන් පිරී සිටි ඇය තුළ දමිටුකම ලැගුම් ගෙන සිටි නමුදු, දැන් සිටින්නේ මිනී මරුවෝ ය. ඔබේ රිදී, රොඩු-බොර වී ඇත. ඔබේ ඉස්තරම් මිදි යුෂ, වතුර සමඟ කලවම් වී ඇත. ඔබේ පාලකයෝ කැරලිකරුවෝ ය; සොරුන්ගේ හවුල්කරුවෝ ය. ඔවුන් සියල්ලෝ අල්ලසට ආලය කරති. වාසි පසු පස හඹා යති. පියා නැති අනාථ දරුවන්ට, ඔවුන් යුක්තිය ඉටු කරන්නේ නැත. වැන්දඹුවන්ගේ කන්නලව්, ඔවුන්ගේ සැලකිල්ලට යොමු නො වේ. එබැවින්, ස්වාමින්වහන්සේ, සේනාංකවල ස්වාමින්වහන්සේ වන ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණෝ, මෙසේ ප්‍රකාශ කරන සේක: “අහා! මගේ එදිරිවාදීන් පිට මම මගේ කෝපය පිට කරන්නෙමි. මගේ සතුරන්ගෙන් මම ම පළිගන්නෙමි. මම, මගේ අත ඔබට එරෙහිව හරවමි. ඔබේ රොඩු-බොර, මුළුමනින් ඉවත් කරන්නෙමි; ඔබේ සියලු අපවිත්‍රතා, පහ කරන්නෙමි. අතීත දවස්හි දී මෙන් ඔබේ විනිශ්චයකරුවන් ද පටන් ගැන්මේදී මෙන් ඔබේ උපදේශකයින් ද මම යළි පිහිටු වන්නෙමි. ඉන්පසු ඔබ හඳුන්වනු ලබනු ඇත්තේ, දමිටුකමේ පුරවරය, විශ්වාසවත් පුරවරය යන ලෙසිනි.” සියොන් පුරය, යුක්තිය මගින් ද එහි පසුතැවිලිවන්නෝ, දමිටුකම මගින් ද මුදනු ලබන්නෝ ය. එහෙත් කැරලිකරුවෝ හා පව්කරුවෝ එකවිට විනාශ කරනු ලබන්නෝ ය. ස්වාමින්වහන්සේ අත්හැර යන්නෝ, වැනසී යන්නෝ ය. “ඔබ ඇලුම් කළ ඒලා ගස් නිසා, ඔබ ලජ්ජාවට පත් වනු ඇත. ඔබ තෝරාගත් උයන් නිසා, ඔබ නින්දාවට පත් වනු ඇත. මන්ද ඔබ, කොළ මැලවෙන ඕක් ගසක් මෙන් ද දිය නැති උයනක් මෙන් ද වනු ඇත. බලවන්තයා, වහා ඇවිළෙන පුළුන් මෙන් ද ඔහුගේ වැඩ, ගිනි පුපුරක් මෙන් ද වනු ඇත. ඔහුත්, වැඩත් එකවිට ඇවිළෙනු ඇත. ඒවා නිවා දමන්නට කිසිවකුත් නො වනු ඇත.”

Verse Image for යෙසායා 1:18-31

යෙසායා 1:18-31 - “දැන් එන්න, අපි එක් වී, කතිකා කර ගනිමු” යි
ස්වාමින්වහන්සේ කියන සේක.
“ඔබේ පව් තද රත් පැහැ වැනි වුව ද,
ඒවා හිම මෙන් සුදු වනු ඇත.
ඒවා රතට රතේ තිබුණ ද,
සුදු ලෝම මෙන් වනු ඇත.
ඔබ කැමති වන්නේ නම්, කීකරු වන්නේ නම්,
දේශයේ හොඳ ම දේ භුක්ති විඳිනු ඇත.
එහෙත් ඔබ විරෝධය පා, කැරලි ගසන්නේ නම්,
කඩු මුවහතට ඔබ ගොදුරු වනු ඇත.”
මන්ද ස්වාමින්වහන්සේගේ ම මුවින් එසේ පවසා තියේ.

විශ්වාසවන්ත පුරවරය
වෙසඟනක් වූයේ කෙලෙස ද!
වරක් යුක්තියෙන් පිරී සිටි ඇය තුළ
දමිටුකම ලැගුම් ගෙන සිටි නමුදු,
දැන් සිටින්නේ මිනී මරුවෝ ය.
ඔබේ රිදී, රොඩු-බොර වී ඇත.
ඔබේ ඉස්තරම් මිදි යුෂ, වතුර සමඟ කලවම් වී ඇත.
ඔබේ පාලකයෝ කැරලිකරුවෝ ය;
සොරුන්ගේ හවුල්කරුවෝ ය.
ඔවුන් සියල්ලෝ අල්ලසට ආලය කරති.
වාසි පසු පස හඹා යති.
පියා නැති අනාථ දරුවන්ට, ඔවුන් යුක්තිය ඉටු කරන්නේ නැත.
වැන්දඹුවන්ගේ කන්නලව්, ඔවුන්ගේ සැලකිල්ලට යොමු නො වේ.

එබැවින්, ස්වාමින්වහන්සේ, සේනාංකවල ස්වාමින්වහන්සේ වන
ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණෝ, මෙසේ ප්‍රකාශ කරන සේක:
“අහා! මගේ එදිරිවාදීන් පිට මම මගේ කෝපය පිට කරන්නෙමි.
මගේ සතුරන්ගෙන් මම ම පළිගන්නෙමි.
මම, මගේ අත ඔබට එරෙහිව හරවමි.
ඔබේ රොඩු-බොර, මුළුමනින් ඉවත් කරන්නෙමි;
ඔබේ සියලු අපවිත්‍රතා, පහ කරන්නෙමි.
අතීත දවස්හි දී මෙන් ඔබේ විනිශ්චයකරුවන් ද
පටන් ගැන්මේදී මෙන් ඔබේ උපදේශකයින් ද මම යළි පිහිටු වන්නෙමි.
ඉන්පසු ඔබ හඳුන්වනු ලබනු ඇත්තේ,
දමිටුකමේ පුරවරය,
විශ්වාසවත් පුරවරය යන ලෙසිනි.”

සියොන් පුරය, යුක්තිය මගින් ද
එහි පසුතැවිලිවන්නෝ, දමිටුකම මගින් ද මුදනු ලබන්නෝ ය.
එහෙත් කැරලිකරුවෝ හා පව්කරුවෝ එකවිට විනාශ කරනු ලබන්නෝ ය.
ස්වාමින්වහන්සේ අත්හැර යන්නෝ, වැනසී යන්නෝ ය.

“ඔබ ඇලුම් කළ ඒලා ගස් නිසා,
ඔබ ලජ්ජාවට පත් වනු ඇත.
ඔබ තෝරාගත් උයන් නිසා,
ඔබ නින්දාවට පත් වනු ඇත.
මන්ද ඔබ, කොළ මැලවෙන ඕක් ගසක් මෙන් ද
දිය නැති උයනක් මෙන් ද වනු ඇත.
බලවන්තයා, වහා ඇවිළෙන පුළුන් මෙන් ද
ඔහුගේ වැඩ, ගිනි පුපුරක් මෙන් ද වනු ඇත.
ඔහුත්, වැඩත් එකවිට ඇවිළෙනු ඇත.
ඒවා නිවා දමන්නට කිසිවකුත් නො වනු ඇත.”

Free Reading Plans and Devotionals related to යෙසායා 1:18-31