YouVersion Logo
Search Icon

හොෂෙයා 6:4-10

හොෂෙයා 6:4-10 SCV

එම්බා එප්‍රායිම්, නුඹ ගැන මම කුමක් කරම් ද? එම්බා යූදා, නුඹ ගැන මම කුමක් කරම් ද? නුඹගේ ප්‍රේමය හිමිදිරියේ මී-දුම වැන්න, අලුයම් උදයේ වියැකී යන පිණිකැට වැන්න. එබැවින් මගේ දිවැසිවරුන් මගින් මම ඔවුන් කපා දැමුවෙමි. මගේ මුවෙහි වචනවලින් මම ඔවුන් මරා දැමුවෙමි. මගේ විනිශ්චය පෙරට ඇදෙන්නේ විදුලිය සේ ය. මන්ද මම යාග පූජාවට නො ව, දයාවට ආශා ඇත්තෙමි. දවන යාග පූජාවට වඩා දෙවියන්වහන්සේ දැනගැනීමට ආශා ඇත්තෙමි. එහෙත් ඔවුහු ආදම් මෙන් ගිවිසුම කැඩූහ. එහිදී ඔවුහු මට ද්‍රෝහි වූහ. ගිලියාද් යනු ලේ-පා සටහන් ඇති, දුෂ්ටයින්ගේ පුරවරයකි. පූජකයින් කාණ්ඩ ගැසෙන්නේ, කොල්ලකරුවන් මිනිසකු එන තුරා රහසේ රැක සිටින සේ ය; ඔවුහු ෂෙකෙම් වෙත දිවෙන මාර්ගයේ රැක සිට, මිනී මරති. නින්දිත දෑ කරති. ඉශ්‍රායෙල් වංශය මධ්‍යයේ අජූව දෙයක් මම දැක ඇත්තෙමි: එප්‍රායිම්ගේ වේශ්‍යාකම් නිසා, ඉශ්‍රායෙල් අපවිත්‍ර කෙරේ.

Related Videos

Free Reading Plans and Devotionals related to හොෂෙයා 6:4-10