හොෂෙයා 4:1-3
හොෂෙයා 4:1-3 SCV
එම්බා ඉශ්‍රායෙල් ජනයිනි, ස්වාමින්වහන්සේගේ වචනය අසනු; මන්ද දේශයේ වෙසෙන්නන්ට ස්වාමින්වහන්සේ වෙතින් දෝෂාරෝපණයක් තියේ. ඒ, මේ දේශය තුළ විශ්වසනීයත්වයක්, ස්ථිර ප්‍රේමයක් හෝ දෙවියන්වහන්සේ පිළිබඳ දැනීමක් නැති බැවිනි. ඇත්තේ, ශාප-දිවුරුම, මුසාව, මිනී මැරීම, සොරකම හා පරදාර-කර්මය ය. ඒවා සියලු කඩඉම් බිඳ-හෙළමින්, ලේ වැගිරුම් පිට, ලේ වැගිරුම් සිදු කෙරේ. ඒ හේතුවෙන් දේශය වැලපෙයි; එතුළ වෙසෙන සැවොම නාස්ති වී යති. වනයේ මෘගයින් ද අහස් පක්ෂීන් ද මුහුදේ මසුන් ද වැනසේ.





