YouVersion Logo
Search Icon

හොෂෙයා 2:5-9

හොෂෙයා 2:5-9 SCV

ඔවුන්ගේ මව වේශ්‍යාකමේ හැසිරී, ඇය ඔවුන් ගැබ්ගත්තේ නින්දිත ව ය. ඇය කියා සිටියේ, ‘මගේ රොටි හා මගේ ජලය ද මගේ ලොම් හා මගේ හණ ඇඳුම් ද මගේ තෙල් හා මගේ බීම ද දෙන මගේ පෙම්වතුන් පස්සේ යමි’ කියා ය. එබැවින් මම, ඇගේ මාර්ගය කටු පඳුරින් අවුරන්නෙමි. ඇගේ පාර, ඇයට සොයාගත නො හැකි වන සේ මම තාප්පයක් බඳින්නෙමි. ඇය ඇගේ පෙම්වතුන් පස්සේ හඹා යන නමුදු, ඔවුන් අල්ලා ගන්නේ නැත. ඇය ඔවුන් සොයන නමුදු, ඇයට ඔවුන් හමුවන්නේ නැත. එවිට ඇය, ‘මම ගොසින්, මගේ පළමු සැමියා වෙත ආපසු යන්නෙමි. මන්ද එකල දැනට වඩා මට හොඳ ව තිබුණේ’ යැයි කියනු ඇත. ඇගේ ධාන්‍ය, අලුත් මිදි යුෂ හා තෙල් ද බාල් දේවතාවාට පිදීමට ඔවුන් භාවිත කළ අප්‍රමාණ වූ රිදී හා රන් ද ඇයට දුන්නේ මා වග ඇය දන්නේ නැත. “එබැවින් නිසි කාලයේදී මගේ ධාන්‍ය ද නිසි කාලයේදී මගේ අලුත් මිදි යුෂ ද ඇගේ නිරුවත වසා ගන්නට ගැනෙන මගේ ලොම්-පිළි හා හණ පිළි ද මම ආපසු ගනිමි.

Related Videos