YouVersion Logo
Search Icon

හොෂෙයා 12:2-4

හොෂෙයා 12:2-4 SCV

යූදාට එරෙහිව ගෙනෙන්නට ස්වාමින්වහන්සේට පැමිණිල්ලක් ඇත. උන්වහන්සේ යාකොබ්ට ඔහුගේ ම මාර්ගවලට අනුව, දඬුවම් කරන සේක. ඔහුගේ ම ක්‍රියා කලාපයට අනුව, ඔහුට පල විපාක දෙන සේක. මවු කුස තුළ සිටියදී ඔහු, තම සහෝදරයාගේ විලුඹ අල්ලා ගත්තේ ය. වැඩුණු මිනිසකු වූ කල ඔහු, දෙවියන්වහන්සේ සමඟ පොර බැදී ය. ඔහු දේව දූතයා සමඟ පොර බදා, ජය ගත්තේ ය. ඔහු හඬා වැටී, එතුමන්ගේ උපකාරය යැද්දේ ය. ඔහු බෙතෙල්හි දී එතුමන් මුණ ගැසී, එහිදී එතුමන් සමඟ කතා කළේ ය.

Free Reading Plans and Devotionals related to හොෂෙයා 12:2-4