හෙබ්‍රෙව් 2:7-9
හෙබ්‍රෙව් 2:7-9 SCV
දේව දූතයින්ට වඩා ඔහු මදක් පහත් වන්නට සැලසූ ඔබවහන්සේ, තේජසේ හා ගෞරවයේ කිරුළ ඔහුට පැලඳුවේ, සියලු දේ ම ඔහුගේ පයට යටත් කරමිනි” යනුවෙනි. උන්වහන්සේ සියල්ල උන්වහන්සේගේ පයට යටත් කළ සේක්, උන්වහන්සේ යටතට පත් නො කළ කිසිවක් ම නැත. එහෙත් හැම දෙයක් ම උන්වහන්සේට යටත් ව ඇති වග තවමත් අපට නො පෙනේ. එහෙත් හැම කෙනකු උදෙසා ම දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් මරණය අත්විඳින පිණිස, මදකට දේව දූතයනට වඩා පහත් කරනු ලැබූ යේසුස්වහන්සේ, මරණය විඳීම හේතු කොට, තේජසේ හා ගෞරවයේ කිරුළ පැලඳ සිටිනු අපට පෙනේ.
![[Songs of Praise] Bookends of Majesty හෙබ්‍රෙව් 2:7-9 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F55840%2F1440x810.jpg&w=3840&q=75)




