YouVersion Logo
Search Icon

හෙබ්‍රෙව් 10:1-4

හෙබ්‍රෙව් 10:1-4 SCV

ව්‍යවස්ථාව, මතු පැමිණෙන හොඳ දේවල ඡායාවක් මිස, ඒවායේ යථා තත්වය නො වන බැවින්, වසරක් පාසා යළි යළිත් ඔප්පු කරන එක ම විදියේ පූජාවලින්, ළඟාවන්නන් සම්පූර්ණත්වයට ගෙන ඒමට ඊට කොහෙත් ම නුපුළුවන. කළ හැකි වී නම්, එම පූජා ඔප්පු කිරීම නවතා දැමිය යුතු ව තිබුණා නො වේ ද? මන්ද නමස්කාර කරන්නන් වරක් පවිත්‍ර කරනු ලැබුවා නම්, පාප ගැන හැඟීමක් තවත් නැත. එහෙත් එම යාග පූජාවලින් කරනුයේ අවුරුදු පතා පාප සිහි කරවීමකි. මන්ද ගවයින්ගේ හා එළුවන්ගේ ලේවලින් පාප දුරු කරලීම කොහෙත් ම කළ නො හැක්කකි.