හෙබ්‍රෙව් 10:1-2
හෙබ්‍රෙව් 10:1-2 SCV
ව්‍යවස්ථාව, මතු පැමිණෙන හොඳ දේවල ඡායාවක් මිස, ඒවායේ යථා තත්වය නො වන බැවින්, වසරක් පාසා යළි යළිත් ඔප්පු කරන එක ම විදියේ පූජාවලින්, ළඟාවන්නන් සම්පූර්ණත්වයට ගෙන ඒමට ඊට කොහෙත් ම නුපුළුවන. කළ හැකි වී නම්, එම පූජා ඔප්පු කිරීම නවතා දැමිය යුතු ව තිබුණා නො වේ ද? මන්ද නමස්කාර කරන්නන් වරක් පවිත්‍ර කරනු ලැබුවා නම්, පාප ගැන හැඟීමක් තවත් නැත.





